SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලුදෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන ඊයේ  පැවසීය.

 

අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් එක් වූ ඔහු මාධ්‍යයට අදහස් පළ කරමින් මේ බව ප්‍රකාශ කළේය.

 

“මට කලකිරීමකට වඩා මගේ ලොකු හිතේ අමාරුවක් තියෙනවා. 2015 පොදු අපේක්ෂකයා විදියට මැතිවරණයට ඉදිරිපත් වෙලා රට ඉතා ඉතාමත් හොඳ තැනකට ගෙනියන්න මට ඕන වුණා. ඒ වැඩපිළිවෙල මට ගෙනියන්න හම්බ වුණේ නෑ.

මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණෙත් නෑ. විපක්ෂයේ සහයෝගය ලැබුණෙත් නෑ. 19 වැනි සංශෝධනයෙන් මගේ බලතල නැතිව ගියා. මම කැමැත්තෙන් තමා ඒ දේවල් දුන්නේ. නමුත් මම හිතුවේ නෑ බලය ගන්න අය වැරදි විදියට පාවිච්චි කරයි කියලා. ඒ නිසා ආණ්ඩුව සහ විපක්ෂය දෙගොල්ලෝම එකතු වෙලා මට පහරදුන්නා.

ඊළඟට පාස්කු ආවා. අනිත් පැත්තෙන් පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම කවුද කළේ කියලා කවුරුත් කියලා නෑ. මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය ඉල්ලීමක් කළොත් නැත්නම් නියෝගයක් කළොත් ඇවිත් ප්‍රකාශයක් කරන්න මම ලෑස්තියි. පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා. අනිත් එක ඒක රහසිගතව තියා ගන්න එකත් ඒ විනිසුරුවරුන්ගේ කාර්යක් වෙනවා”.

 

විචාරකයින් පවසන්නේ මෙම තත්වය නිසා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සෘජූ තීරණ හෝ සෘජුව අදහස් පලකිරීමේ අවස්ථාව ද අහිමිව  ගොස් ඇති බවත්, බලයට පැමිණි රාජපක්ෂලා ඇතුලු දේශපාලකයන් පාස්කු ප්‍රහාරය දඩමීමා කරගනිමින් ඔහු එරෙහිව ඇති චෝදනා හරහා දඩුවම් පමුණුවා වි  යැයි බියක් නිසා දේශපාලන ඉත්තෙකු වූ බවත් ය. මේ නිසාම අද වනවිට  ශ්‍රිලනිපයේ නායකත්වය  පක්ෂයට  දියාරු ස්වභාවයක් එක් කර ඇති  බවත් ඔවුන් පවසයි.

 

මෑතකදී ශ්‍රිලනිපයේ මූලිකත්වයෙන් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ මැදිහත්වීම මත ගොඩනැගෙමින් තිබෙන මැද සන්දානයේ කටයුතු ඇණ හිට ඇත්තේද මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ මෙම දියාරු ස්වභාවය යැයි මේ පිළිබඳව විමසීමේදී ශ්‍රිලනිපයට සමීපතමයෙකු අදහස් දක්වමින් කියා සිටියේ ය.

 

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට  තම ධෛර්යය එක්තැන් කරගනිමින් තමා දන්නවා යැයි පවසන සත්‍යය පවසා මේ පීඩනයෙන් මිදෙනවා නම් එමගින් ශ්‍රිලනිපය හා සම්බන්ධ දේශපාලන ව්‍යාපෘතීන් ට එය සහනයක් වනු ඇති බව සමීපතමයන්ගේ අදහස ය.

නවතම ලිපි