SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසූ අරුලානන්දම් අරුන් නොහොත්

අරුන් සිද්ධාර්ථ් එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්‍ත්‍රික් සංවිධායක ලෙස පත් කර තිබෙනවා.

 

අදාළ පත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය  නායක රවී කරුණානායක විසින් සිදු කර ඇති බව කියැවේ.

 

ඒ සඳහා වන උත්සවයක් පසුගිය (21) දින  යාපනය චෙල්වම් උත්සව ශාලාවේ දී පවත්වා ඇත.

 

arun 6

 

රට වැටී ඇති අගාධයෙන් ගොඩ දැමීම සඳහා අවශ්‍ය  සහයෝගය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත තමන් ලබා දෙන බව එහි දී අරුන් සිද්ධාර්ථ් පවසා ඇත.

 

අරුන් සිද්ධාර්ථ් 2020 වසරේ පැවැති මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කළේය. අරුන් සිද්ධාර්තන් මේ වනවිට කටයුතු කරනු ලබන්නේ ‘යාපනය සිවිල් සමාජය’ ලෙස ඔවුන් විසින් හඳුන්වා ගන්නේ කණ්ඩායමක නායකයා ලෙසයි.

 

අරුන් සිද්ධාර්ත් තම ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ මෙලෙස ය.

 

අද දින යාපනය චෙල්වම් උත්සව ශාලාවේ පැවති ජන හමුව අතරතුර ගරු හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්‍ත්‍රික් නායක රවී කරුණානායක මහතා විසින් මා වෙත යාපනය දිස්‍ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරය පිරිනමන ලද අතර මෙම අවස්තාවට අඩියාර් විපුලානන්ද ස්වාමිතුමාත් යාපනය කාන්තා පෙරමුණේ සභාපතිතුමියත් යාපනය සිවිල් සක්විධාන රාශියක නියෝජිතයිනුත් සහභාගී විය. රට වැටී ඇති තත්වයෙන් ඉහලට එසවීමට අවශ්‍ය සහයෝගය ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට මා ඇතුළු ජනතාව මෙහිදී පොරොන්දු විය.

 

 

arun 2arun 3arun 4arun 6arun 7arun 8arun 9arun CC

නවතම ලිපි