SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්

වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර තිබේ.

 

එලෙස නියෝග කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියා දා ප්‍රකාශ කළ ප්‍රකාශය මතය.

 

මේ අතර පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතු බවය.

නවතම ලිපි