SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තුවේ තමා වැඩිපුර කතා කරනවා කියා චෝදනාවක් ආවත් තමා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ තමාගේ පෞද්ගලික දේවල් නොව ලක්ෂ 220 ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් බවත්

වත්මන් රජය පෙබරවාරි 13 ගැසට් පත්‍රයක් පළ කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ වෙනසක් සිදු කිරීමට කටයුතු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි.

 

එහි දී රජය, දැරියන් ලිංගික ක්‍රියාදාමයන්වලදී කටයුතු කිරීමේ දී වයස 16 සිට 14 දක්වා අඩු කළ බවත් කාන්තාවට අතවර කරපු පිරිමි පුද්ගලයන් 22ට අඩු නම් දඩුවම ලිහිල් කිරීමටත් එහිදී කටයුතු කර ඇති බවත් ඊට අමතරව විවිධ අවස්ථාවල අතවරයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් විශේෂිතව තිබූ නීතිය සඳහා පිරිමි පාර්ශ්වයට සිදුවන අතවර යන නීතියත් එකට එකතු කර එම නීති දෙකම එක නීතියක් ලෙස සම්පාදනය කිරීමට රජය කටයුතු කල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

මේ ගැන තමා පාර්ලිමේන්තුවේ හඬක් නැගි බවත් ඒ අනුව මෙම වැරදි නීති රීති කාන්තාවන් දැරියන් කෙලෙසන නීති රීති අද දවස වන විට අධිකරණ ඇමතිවරයා විසින් ඉල්ලා අස් කර ගත් බවත් මෙය සමස්ත කාන්තාවන් හා දැරියන් වෙනුවෙන් ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මේ බව කියා සිටියේ අද ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේදී පැවැති සමගි වනිතා බලවේගයේ කාන්තා සමුළුව අමතමිනි.

 

sajith kantha 3

 

කන්ද උඩරට පුරවරයේ සමගි වනිතා බලවේගයේ ආරම්භක හමුව පැවැත් වූ අවස්ථාවේ ආදරණීය කාන්තාවන්ට මුල්තැන නිසි තැන නිවැරදි තැන ලබා දෙන්න පොරොන්දු වූ බවත් ඒ පොරොන්දුව ප්‍රතිඥාව නැවත නැවත ප්‍රත්‍යක්ෂ කරමින් සමගි ජන බලවේග රජයක් තුළ කාන්තාවන් වෙනුවෙන් ලබා දිය හැකි උපරිම ශක්තිය හා සවිබල ගැන්වීම නියත වශයෙන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

කාන්තා හා ළමා අයිතීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතියක් බවට පත් කරනවා

 

කන්ද උඩරට පුරවරයේදී ඓතිහාසික වනිතා සංවර්ධන ප්‍රතිපත්තිය ඉදිරිපත් කළ බවත් එහි දී උතුම් කාන්තාව ආදරණීය කාන්තාව ප්‍රධාන කාන්තාව ශක්තිමත් කරන බවත් 2019 ජනාධිපතිවරණයේදී කාන්තාවන් වෙනුවෙන් වෙනමම කාන්තා ප්‍රඥප්තියක් නිර්මාණය කර කාන්තාවන් සමග සමාජ ගිවිසුකට එළඹුනේ තමා බවත් අද දවසේ මේ සටන කාන්තාවන්ගේ, ළදරුවන්ගේ අයිතිය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් බවට පත් කර විශේෂිතව සංශෝධනය කර ළමුන්, මව්වරු හා කාන්තාවන් රකින රටක් ලෙස සංශෝධනය විය යුතු බවත් සමගි ජන බලවේගය එය සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

 

smart කාන්කාවක් නිර්මාණය කරනවා

 

මේ රටේ සෑම ප්‍රදේශීය ලේකම් උපලේකම් බලප්‍රදේශවල කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන ඇති කර ඒ හරහා නිපුණතාවෙන් කුසලතාවෙන් හෙබි සුහුරු කාන්තාවන් නිර්මාණය කරන බවත් පෙරපාසල් 17910ක අධ්‍යපානය ලබන දරුවන් 279000කගේ අනාගතය සුරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

කාන්තාවගේ ශ්‍රම දායකත්වය සියයට50 දක්වා වර්ධනය කරන බවත් ඊට අමතරව නිවසේදී මහමගදී සහ වැඩබිමේදී සිදුවන හිංසනයට ලක්වන කාන්තාවගේ අයිතීන් සුරැක ප්‍රායෝගික රාජ්‍ය ප්‍රතිපත්තියක් හරහා ආරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

කාන්තා සෞඛ්‍ය වෙනුවෙන් වෙනමම වැඩපිළිවෙළක්

 

කාන්තා සෞඛ්‍ය ශක්තිමත් කරමින් ආර්ථව දරිද්‍රතාව තුරන් කර සනිපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබා දෙන බවත් ඊට අමතරව ගෘහ සේවයට අමතරව නිපුණතාව සහිත කාන්තා පරපුරක් නිර්මාණය කර හෙද සේවය සෞඛ්‍ය උපස්ථාන සේවය හරහා ඩොලර් උත්පාදනය කරන වැඩපිළිවෙළක් දියත් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

ක්ෂුද්‍ර මූල්‍ය වහල්භාවයෙන් කාන්තා මුදවා ගන්නවා

 

ක්ෂුද්‍ර මූල්‍ය ණයට ගොදුරු වී ඇති එයට වහල් වී ඇති කාන්තාව නිවහල් කර සෑම ගම්මානයකම ග්‍රාමෝදය මණ්ඩල හා ග්‍රාම රාජ්‍ය සංකල්පය ඇති කර එහි නායකත්වයේ ප්‍රමුඛතාව ගමේ නගරයේ කාන්තාවට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

දරු කැක්කුම වැඩි කාන්තාවන්ටයි

 

පුරුෂ පාර්ශ්වයට වඩා කාන්තාවන්ට දරු කැක්කුමක් ඇති බවත් ගෙදර බුදුන් අම්මා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත නොකර දරුවන් ගැන සිතන නිසා අනාගත සමගි ජන බලවේග රජයක් තුළ සිදු කරන සහනාධාර වැඩපිළිවෙළ යටතේ සියලු සහන ගෘහයේ සිටිය කාන්තාවට ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

 

කාන්තාවට ලැබෙන සහන පවුලේ අභිවෘද්ධියට යෙදෙවෙන බවත් සියයට 52ක් වන කාන්තාවන් සුහුරු කාන්තා පරපුරක් ලෙස නිර්මාණය කරන බවත් ඔවුන් වෙනුවෙන් වෙනමම ජනාධිපති කාර්ය සාධනබලකායක් සහ කොමිසමක් ඇති කරන බවත් කාන්තාවන් වෙනුවෙන් වාර්තාගක සේවාවක් ඉටු කළ ආණ්ඩුව සමගි ජනබලවේගය වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

(mawrata)

 

 

sajith kantha3sajith kantha5sajith kantha7sajith kantha8sajith kantha 2sajith kantha 3sajith kantha 4sajith kantha 6sajith kantha 9sajith kantha 10sajith kantha 11sajith kantha 12

නවතම ලිපි