SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණයට පෙර නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගය රජයට ඉඩ නොදෙන බව එන්පීපී නායක අනුර කුමාර දිසානායක පවසයි.

 

කැනඩාවේ ටොරොන්ටෝ නුවර ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන්ට බලය අහිමි වන බවට අනාවැකි පළකෙරී ඇති බැවින් මේ මොහොතේ ජාතික මැතිවරණයක් මඟ හැරීමට රජය සෑම උත්සාහයක්ම ගන්නා බව ය.

 

“ජනතාවට බලය පැවරීමට ඔවුන් බයයි. ඒකයි මැතිවරණය ගැන දෙගිඩියාවක් ඇතිවෙලා තිබෙන්නේ. අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමට ආණ්ඩුව දැන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා, ඒක ජනාධිපතිවරණයට කලින් කරන්න කියලා. අපි ඔබට සහතික වෙනවා ආණ්ඩුවට කිසිම අවස්ථාවක් දෙන්නෙ නැහැ කියලා".

 

ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වුව හොත් අඩුම තරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර හෝ ලබා ගැනීමට නොහැකි බව දැන් විශ්වාස බැවින් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම වෙහෙසෙමින් සිටින බවද ජාජබ නායකයා පැවසීය.

 

කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අභිමතය ජනාධිපතිවරයාට ඇති බවත්, පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවත් ඔහු පැවසීය.

 

"පාර්ලිමේන්තු මැතිවරණයට පෙර 2010, 2015 සහ 2019 යන අවස්ථා තුනකදී ජනාධිපතිවරණය පවත්වා තිබෙනවා,"

ඔහු පැවසීය.

 

සභාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ජාතික ජන බලවේගය ආසන 113 ක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් NPPට  එකඟ විය හැකි සහ සන්ධානගත විය හැකි පුද්ගලයින් සමඟ රජයක් පිහිටුවීමට NPPය  සූදානම් බවය.

 

“අපිට ආසන 105ක් විතර ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ජනතාව අපේ ආණ්ඩුව පිළිගන්න ලෑස්තියි කියන එකයි. ඉතින් එහෙම වුණොත් අපිට එකඟ විය හැකි, සන්ධානගත වෙන්න පුළුවන් පුද්ගලයන් එක්ක අපි එකතු වෙනවා. ඒත් දේශපාලන බලවේග සමඟ අපි සන්ධානගත  වෙන්නේ නැහැ".

 

 

ටොරොන්ටෝ, මාර්තු 24 

නවතම ලිපි