SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක S.M.මරික්කාර්  මන්ත්‍රීවරයා  

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කට උත්තරයක් ලබාදීමට CID එක වෙත යාම පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මෙවැනි පල් මෝඩයෙක් ජනාධිපති කිරීමට අප ද වෙහෙස මහන්සි වීම පිළිබඳ තමා ගැනම සහ පාක්ෂිකයන් පිළිබඳ දුකක් ඇතිවන බවයි.

 

කිසිවෙකුට මෙම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ ජීවිත එක්ක සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතු බවත්, තමන් ඒ පිළිබඳව දෙයක් දන්නවා නම්, කවුරුත් ඒ ගැන විමසනතුරු ඉන්නෙ නැතුව අධිකරණයට හෝ පොලිසියට දැනුම් දීමේ හැකියාව තිබිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

 

ජනාධිපති කොමිසමේ විමර්ශනයක් සහ අධිකරණයේ නඩු ගණනාවක් තිබූ බවත් ඒ එකකවත් කතා නොකර දැන් නින්දෙන් නැගිටුනා වගේ කතා කිරීම පිස්සුද හැටිද කියා ප්‍රහේලිකාවක් බවත් ඔහු කියයි.

 

"ඡන්දයක් කිට්ටුවෙද්දි මෙහෙම කියන්නේ මේක දේශපාලන කුමන්ත්‍රණයක්ද කියන සැකයකුත් තියෙනවා.

වෙන මොනවා හරි නාඩගමක් විකාරයක් සෙල්ලමක් දාන්න හදනවද කියලා.

මොකද එතුමගේ පක්ෂය සීසීකඩ කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. ඔවුන්ට තවදුරටත් පොහොට්ටුව ඇතුලේ ඉන්න බැරි කමක් ඇවිල්ලා.

ජාතික ජන බලවේගයත් එක්ක ඔවුන්ට එකතුවෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ල තියෙනව. මේ විදිහට සමගි ජන බලවේගය එක්ක එකතු වෙන්නත් එයාට බැහැ. එතකොට මේක වෙන උප්පරවැට්ටියක්ද කියා සැකයක් මට තියෙනවා.

එතුමගෙ පක්ෂ කට්ටිය කඩාගෙන ගිහිල්ලා වෙන වෙන චූටි චූටි සන්ධාන හදන තත්ත්වයකුත් තියෙනවා. හැබැයි මේ කවර තත්වයක් යටතේ වුණත් මොන දේශපාලන ගේම් එකක් ගැහුවත් අපට ඒ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කිරීමේ වගකීම තියෙනවා .ඇත්ත තොරතුරු හෙළි කිරීමේ වගකීම තියෙනවා .

මේක මේ ආප්ප කාල අනිත් පැත්තට ගිහිල්ලා ජනාධිපති අපේක්ෂකකම ගන්නවා වගේ විහිළුවක් විදිහට හිතන්න හොඳ නැහැ. මොකද කොමිෂන් සභාවලට හෝ අධිකරණයට මෙතෙක් නොකියපු පොලිසියට මෙතෙක් නොකියපු එක පාරටම නින්දෙන් ඇහැරුණා වගේ මේ කියන කතාව විහිළුවකට ගන්න බෑ කියන එක තමයි අපේ මතය. එනිසා මේ පිළිබඳව දැඩි විමර්ශනයක් කර අවශ්‍ය තොරතුරු ලබා ගැනීම කළ යුතුයි කියන එකයි අපේ හැඟීම "

 

 

 

නවතම ලිපි