SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය සම්බන්ධයෙන්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට දුන් කටඋත්තරය නීතීපතිවරයා වෙත යොමු කර ඇතැයි වාර්තාවේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාගෙන් පැය 6කට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න කරමින් ලබා ගත් ප්‍රකාශය ඉදිරි නෛතික කටයුතු සඳහා මෙලෙස නීතීපතිවරයා වෙත යොමු කර ඇත.

 

2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තමන් දන්නා බව හිටපු ජනාධිපතිවරයා පසුගියදා මහනුවරදී කළ ප්‍රකාශය පිළිබඳව සොයා බලන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පොලිස්පතිවරයාට උපදෙස් දීමෙන් අනතුරුව රහස් පොලිසිය කළ කැඳවීමටකට අනුව හිටපු ජනාධිපතිවරයා  රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේය.

 

එහිදී ඔහුගෙන් ගත් ප්‍රකාශය මෙලෙස නීතිපතිවරයාට යවා ඇත.

 

 

නවතම ලිපි