SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 කියන්නේ මුළු ලෝකයටම මැතිවරණ අව්රුද්දක් වෙලා ය.

ලෝකයේ ප්‍රභලම රටවල් වෙච්ච අමෙරිකාවේ, රුසියාවේ වගේම කලාපයේ බලවතා වෙච්ච ඉන්දියාවේත්, 2024 වසරේ මැතිවරණ පැවැත්වෙන අතර රුසියාව දැනටමත් එය පවත්වා අවසන් ය.

 

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ඉදිරි ලෝක් සභා මැතිවරණයේදී කෝටි 96කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන අතර ඉන්දියාව පුරා ඡන්ද මධ්‍යස්ථාන ලක්ෂ 12කට අධික ප්‍රමාණයක් ඒ වෙනුවෙන් පිහිටුවනවා ය.

 

ඉන්දියාවේ මැතිවරණය ගැන කිව්වාට මේ ලියන්න යන්නේ ඔවුන්ගේ අප්‍රේල් මැතිවරණයෙන් පස්සෙ කලාපයේ බලවතා ලංකාවේ දේශපාලනය පාලනය කරන එක ගැන ය.

ඔන්න වෙනද වගේම මුල්ම ආරංචිය අපි අරගෙන ආවේ ය.

 

සජිත් ඉන්දියාවට...

 

අප්‍රේල් ඡන්දය ඉවර උනාට පස්සෙ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව ඉන්දියාවට ගෙන්වාගන්න ඉන්දීය රජය දැනටමත් යෝජනා කරලා ලු. ඒ ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික ගමනකට සජිත්ට සහභාගී වීමට ආරාධනය කරමින් ය.

ඒ අනුව  මැයි මාසෙ මැද දී සජිත් ඉන්දියාවට යෑමට නියමිතයි ලු.

 

ජාජබය සමග ඉන්දීය කණස්සල්ල...

 

අනුර කුමාර දිසානායකට ඉන්දීය රජය ආරාධනා කොට ගෙන්වාගත් පසුව ඉන්දීය රජය යෝජනා කර තිබුණේ නව ආණ්ඩුව බලයට පත්වූ විට IMF යෝජනාවන්ට විරුද්ධ නොවී ඒවා ක්‍රියාත්මක කරන ලෙසට ය. එහිදී ජාතික ජන බලවේගය ඊට එකඟතාව පළකර තිබුනු අතර ඉන්දියාව හා ජාජබය අතර ගොඩනැගුනු එම මිත්‍රත්වය මෑතක දී සිදුවූ සිද්ධියක් නිසා පළිදු වී තිබෙනවා ලු.

 

ඒ රජිව් ගාන්ධි ඝාතනය කළ පුද්ගලයා  මියයෑමෙන් පසු ඔහුගේ සිරුර ලංකාවට එවා අවසන් කටයුතු කිරීමේදී ඊට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු සහභාගී වීම ය. මේ නිසා රජීව්ගේ ඝාතකයාගේ අවසන් කටයුතු සඳහා ජවිපෙ චන්ද්‍රසේකරන් සහභාගී වීම ගැන ඉන්දියාව සිය අප්‍රසාධය පළ කරද්දී ඊට ජවිපෙ ලබාදී ඇත්තේ ළාබාල පිළිතුරක් ලු.

 

ඒ, දැනට බලයේ සිටින්නේ කෝංග්‍රස් පක්ෂයේ ආණ්ඩුවක් නොවන නිසා රජීව්ගේ ඝාතකයාගේ මරණයට සහභාගීවීම අවුලක් ලෙස නොසිතූ බව ජවිපෙ කියා තිබෙනවා ලු.

 

රෝ වාර්තා වලින් මතුවන ලංකාවේ දේශපාලන රැල්ල..

 

කොහොම උනත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඉන්දියාව ආරාධනා කිරීම තුළ එක් පැත්තකින් ලංකාවේ දේශපාලන පොළොව සම්බන්ධව ‘රෝ වාර්තා’ හෙළිදරව් වන අතරම, සජිත්ටද ඔවුන් අයිඑම්එෆ් යෝජනාව ඒ ආකාරයෙන් ම ගෙනෙනු ඇති බව තතු දත්තන්ගේ අදහස ය.

 

පහුගිය කාලය තුළ ඉන්දියාව උත්සාහ ගත්තේ රනිල් සජිත් එක් කිරීමට වුව ද එය අසාර්ථක වීමත් සමග ලංකාවේ ප්‍රධාන දේශපාලන බලවේග දෙක බවට පත්ව ඇති ජාජබයට  සහ සජබයට තම න්‍යාය පත්‍රය ඉදිරිපත් කර එකඟකර ගැනීම ඉන්දියාවේ අරමුණ  වෙලා ය.

 

ඒ අනුව එක් පැත්තකින් මේ වෙද්දි රැල්ලේ බලය වෙන පැත්තකට මාරු වෙමින් ඇති බවට ද එය ඉඟියක් ය.

 

ඉන්දීය සපත්තුවට යටවන ලංකාවේ දේශපාලනය ...

 

කවුරුන් මොන බණ කියූවත් ලංකාවේ බලයට පැමිණෙන්නන් තම අණසකට යටත් කරගනිමින් තමාගේ සපත්තුව යටට ගැනීම ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික අරමුණ බවත් එය මගහැරයා නොහැකි බවත් සක් සුදක් සේ පැහැදිලි ය.

 ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, ස්වාධීනත්වය වගේ ලොරි ටෝක්ස් ද ඊට අදාළ ය.

 

පහුගිය 75ස් වසරේම දේශපාලන ලොරි ටෝක් සියල්ල යට වන්නේ ඒ සපත්තුව ට යැයි ඔන්න කට්ටිය නම් දැන් කියනවා ය.

 

#Gossip

  

නවතම ලිපි