SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමෙරිකාවේ වොෂින්ටන් වලට සමීප මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් වරායේ සිට

ශ්‍රී ලංකාව බලා ධාවනය ඇරඔූ සිංගප්පූරු ධජය සහිත "ඩාලි" නෞකාව එම පුදේශයේ එනම් ප්‍රැන්සිස්කෝට් හි ප්‍රධානම පාළමේ ගැටීමෙන් පාළම සම්පූර්ණයෙන්ම පැටැස්කෝ ගගට කඩා වැටීමෙන් විශාල අනතුරක් සිදුව තිබේ.

 

 

අනතුර සිදුවන මධ්‍යම රාත්‍රිය තුල වාහන 07ක් හා එහි සිටි අය හා පාළමේ නඩත්තු නටයුතු සිදුකල 20 කට අධික පිරිසක් අතුරුදහන්ව තිබේ. දෙදෙනෙකු බේරාගෙන ඇතත් එක් අයෙකුට බරපතල බව ද වාර්තා වේ.

 

අනතුර සිදුවීමට පෙර නෞකාවේ විදුලිය විසන්දිවී ඇති අතර අනතුරත් සමඟ පුදේශය දුමින් වැසී ගොස් තිබේ. ඒ වනවිට ගගේ ජලය අංශක 08 මට්ටමේ ඉතා සීතල පසුබිමක තිබී ඇතැයි කියවේ.

 

1977 දී ඉදිවූ මෙම පාළම මතින් වසරකට වාහන ලක්ෂ 120 ක් ගමන් කරති.පාළම මන්තීරු හතරක් සහිතව ඉදිවූවකි. මේ වනවිට මේරිලන්ඩ් ප්‍රාන්තයේ අනතුර සිදුවූ අවට ප්‍රදේශය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ.

 

@(අශෝක ජයතුංග වොෂින්ටන් සිට)

 

නවතම ලිපි