SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න

ජාතික ජන බලවේගයට සම්බන්ධ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ එකතුවෙහි ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට එකඟ වී ඇතැයි විශ්වාස දායක ආරංචි මාර්ග සඳහන් කරයි. රවි සෙනවිරත්න ළගදීම ජාජබ වේදිකාවට ගොඩවනු ඇත.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ද  එම එකතුවට දැනටමත් එක් වී සිටින බවත් වාර්තා වේ. ශානි අබේසේකර එම එකතුවේ කමිටුවට ද එක් වී තිබේ.

රවි සෙනවිරත්න සඳහන් කරන්නේ නීතියේ ආධිපත්‍ය ඇති රටක් ගොඩ නැගීමට ඇති හොඳම අවස්ථාව ජාතික ජන බල වේගයට සහය දීම බවයි.

මේ වන විට එම එකතුවෙහි රැස්වීම් ගණනාවක් ජාජබ නායක අනුර කුමාර දිසානායක සමඟ පවත්වා ඇති බවත් වාර්තා වේ.

සමගි ජන බලවේගය ද රවි සෙනවිරත්න ට එය සමඟ එක්වන ලෙස ආරාධනා කර ඇති නමුත් ඔහු තෝරාගෙන ඇත්තේ අනුර කුමාර දිසානායක සමග එක්වීම යැයි ජාතික ජන බලවේගයට සමීප මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම විශ්‍රාමික පොලිස් නිලධාරී එකතුවට හිටපු පොලිස් ප්‍රධානීන් ගණනාවක් එක්ව ඇති බවත් ඉන් සමහර අය ප්‍රසිද්ධියට නොපැමිණ සහාය දීමට එකඟ වී ඇතැයි ද වාර්තා වේ.

රවි සෙනවිරත්න සහ හානි අබේසේකර යනු මෑත කාලයෙහි මෙරට සිටි හොඳම රහස් පරීක්ෂකයින් වේ. රාජපක්ෂ පවුලේ සහ හෙංචයියන්ගේ දුෂන ක්‍රියා පිලිබද පරීක්ෂණ කරන ලද්දේද එම දෙදෙනා යටතේය.

ගෝඨාභය රාජපක්ෂ විසින් එම දෙදෙනා ඉවත් කිරිමෙන් පසු තවමත් අවසානයක් නැති පරීක්ෂන ගණනාවක්ම ඉතිරිව තිබේ.

මෙම පුවත විසින් රාජපක්ෂවරු දැනටමත් තැති ගැනී ඇතැයි ද රනිල් වික්‍රමසිංහව  යළි ජනාධිපති කරවීමේ සිහිනය සිය එකම ගැළවීම බව කියමින් සිටින බවද දැක්වේ. රාජපක්ෂවරු සොරකම් කළ බවට සාක්ෂි නැතැයි පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ කීවේ ද රාජපක්ෂ සහාය ලබා ගැනීමටය.

 

@Srilankabrief පුවත ඇසුරිනි..

නවතම ලිපි