SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් අර්බුද වලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන බව

එක්සත් ජනරජ  පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

 

ඒ සඳහා "දේශය වෙනුවෙන් එක්වන පියවරක්" වැඩපිළිවෙල පෙබරවාරි 14 වනදා ඉදිරිපත් කෙරිණ.

 

ඊට සමගාමීව නව දේශපාලන සන්ධානයක් සඳහා වූ සාකච්ඡා ආරම්භ වී තිබේ. එහි අරමුණ මැතිවරණ ජයග්‍රහණය නොවන බව පාඨලී රණවක අවධාරණය කරයි.

 

මේ මොහොතේ රට ගොඩ නැගීමේ නිශ්චිත වැඩපිළිවෙලක් වටා පමණක් ගොනුවිය යුතුය. නිර්මාණය කෙරෙන සන්ධානය විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු නියෝජිතයන් නම් කරන ලැබිය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

 

එහිදී ජනාධිපතිධූරාපේක්ෂකත්වය භාරගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, එම අභියෝගය භාර ගැනීමට සුදානම් බවද හෝමාගම ඊයේ (27) පැවති ජනහමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා  පෙන්වා දුන්නේය.

 

සන්ධානය විසින් වෙනත් පුද්ගලයෙකු නම් කළද ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවද හෙතෙම අවධාරණය කරයි.

 

 

 

නවතම ලිපි