SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප විසින් පසගිය මාස කීපය මුළුල්ලේම සාක්ෂි සාධක සහිතව හෙළිදරව් කළ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ

එජාප මංත්‍රිනී කේ. එච්. උදේනිකා දමයන්ති නම් සැකකාර කුප්‍රකට කාන්තාවගේ මිලියන ගණනක මුදල් කොල්ලය මේවන විට නොදන්නා අයෙකු නොමැති තරම් ය.

 

එකී මහ වංචාව සිදුකොට ඇත්තේ, අබ්දූල් කළාම් පදනමේ විධායක නිලධාරිනියක් ලෙස පෙනී සිටිමින් එහි සභාපතියි කියා ගන්නා කරුණාකරන් ශිවා සමග එක් වෙමිනි…

 WhatsApp Image 2024 03 29 at 9.00.01 AM

කරුණාකරන් ශිවා

WhatsApp Image 2024 03 29 at 9.00.00 AM

කේ. එච්. උදේනිකා දමයන්ති

 

අබ්දූල් කළාම් පදනමේ කරුණාකරන් හා උදේනිකාලා හොර අත්සන් ගසා කොල්ල කෑ මිලියන ගණන ගැන එක දිගට පැමිණිලි.. නීතිය නැවිලා…..!

 

අහිංසක ගොවීන්ගෙන් මිලියන ගණනක් මුදල් වංචාකාර ඇති කරුණාකරන් ශිවා හා උදේනිකා දමයන්තිට විරුද්ධව වින්දිත ගොවීන් තංගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පැමිණිලි කොට ඇති අතර, දිවයිනටම සාමවිනුසුරු, ප්‍රවීන දේශක S.R. එඩ්වර්ඩ් විසින් පොලීසිය භාර ඇමතිට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව පැමිණිලි කොට ඇත්තේ තමන්ගේ අත්සන සාවද්‍ය යොදමින් කූට ලේඛන සාදා මෙකී මිලියන ගණනක් කරුණාකරන් ශිවා හා එජාප මංත්‍රිනී කේ. එච් උදේනිකා දමයන්ති විසින් කොල්ල කා ඇති බවයි…….

 

WhatsApp Image 2024 03 29 at 9.00.02 AM1WhatsApp Image 2024 03 29 at 9.00.03 AMWhatsApp Image 2024 03 29 at 9.00.04 AM1

 

දමිතාට ක්‍රියාත්මක වන නීතිය එජාප උදේනිකාට ක්‍රියාත්මක නොවන්නේ ආණ්ඩුවේ රැකවරණය නිසාද ?....

 

ප්‍රවීන නිළි දමිතා අබේරත්නට නීතිය ක්‍රියාත්මක වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි..ඊට කිසිඳු විරෝධයක් කිසිම පාර්ශවයකින් ඇති නොවිය යුතුය, මක්නිසාදයත් නීතිය සැමට සමාන වියයුතු නිසාවෙනි……..

එහෙත් මිලියන තුනක් එනම් ලක්ෂ 30ක මුදලකට ක්‍රියාත්මක වන නීතිය, කූඨ ලේඛන සකසා මිලියන 5කට එනම් ලක්ෂ 50කට ආසන්න මුදලක් ( වාර්තා වූ හා වාර්තා වෙමින් පවතින තොරතුරු මත ) වංචා කරමින්, බොහෝ පිරිසක් අපහසුතාවයට පත් කරමින්, තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට කටමැත දොඩවන  එජාප මංත්‍රිනී කේ එච් උදේනිකා දමයන්ති හට සැබවින්ම වත්මන් ආණ්ඩුවේ හා එජාපයේ රැකවරණය හිමි බව රට හමුවේ ඔප්පු කරමින් සිටී……..

 

WhatsApp Image 2024 03 29 at 9.00.02 AMWhatsApp Image 2024 03 29 at 9.00.02 AM2WhatsApp Image 2024 03 29 at 9.00.04 AM

 

කෙසේ නමුත්, ඉදිරියේ මැතිවරණ සමයක් එළඹීමට තිබියදීත්, බලය අවභාවිතා කරමින් නීතිය ක්‍රියාත්මක කරවන ආයතන වලට පවා ඍජුව හෝ වක්‍රව බලපෑම් කරන්නේ කෙසේදැයි වින්දිත ගොවීන් ප්‍රශ්න කරමින් සිටින අතර, මෙකී කුප්‍රකට එජාප මංත්‍රිනී උදේනිකා දමයන්ති පිළිබඳ සියළු වංචනික තොරතුරු අණාවරනයකොට ඇති පසුබිමක පක්ෂ විපක්ෂ කිසිඳු දේශපලකයකු, හෝ පක්ෂයක් එය සාකච්ඡාවට හෝ යුක්තිය සාධාරණය වෙනුවෙන් මැදිහත් නොවීම තුළ දේශපාල  බල හස්තයන්ගේ ප්‍රබලත්වය මනාව පිළිඹිබු වී ඇත……..

 

111112WhatsApp Image 2024 03 29 at 9.00.05 AM

 

වත්මන් පොලිස්පති හා පොලිස් ඇමතිද දැනුවත් කර ඇති පසුබිමක දමිතාට ක්‍රියාත්මක වූ නීතිය එජාප මංත්‍රිනී කේ එච් උදේනිකා දමයන්ති  ඉදිරියේ නැවී ඇති ආකාරය ගැන මහ ජනතාව නිරන්තර අවදියෙන් බව අප අවධාරණය කරමු.

 

@සුමුදු මද්දුම ආරච්චි.

මිලානෝ.

ඉතාලිය.

නවතම ලිපි