SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක්

කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

 

රට ආර්ථික වශයෙන්  ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට  බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය සහ  මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථා වලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ එය කියා ඇත.

මහා මැතිවරණයක් මුලින් පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව විසිරවීම මේ වනවිට ජනාධිපතිවරයා සිදුකිරීමට තීරණය කර තිබිය යුතු ය.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක  බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපවැත්වෙනු ඇතැයි ද ජනාධිපතිවරයා එහිදී  කියා ඇත.

 

ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව එළැඹෙන්නේ මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පසුව වන හෙයින් ජනපතිවරණය පැවැත්වීම IMF වැඩසටහනට බාධාවක් නොවන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා රජය ඒ අනුව මැතිවරණ සිතියම සැලසුම් කර තිබෙන බව කීය.

 

ඒ අනුව මුලින්ම ජනාධිපතිවරණයට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන් ද දැනුවත් කොට ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

 

ඒ අනුව ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් නොපැවැත්වෙනු ඇත.

 

 

නවතම ලිපි