SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත.

එසේම ලසන්ත අලගියවන්න භාණ්ඩාගාර ධූරයෙන්ද මහින්ද අමරවීර  ජේෂ්ඨ උපසභාපති ධූරයෙන්ද ඉවත් කරනු ලැබ ඇත.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානයේදී  රැස්වී මෙම තීරණය ගෙන ඇත.

 

කෙසේ වෙතත් මෙම නෙරපීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහින්ද අමරවීර, ලසන්ත අලගිවන්න හා දුමින්ද දිසානයක යන මහත්වරුන් සඳහන් කරති.

 

මේ අතර ශ්‍රිලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 04 වැනි දින අධිකරණයේ පෙනී සිටිය යුතු අතර ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා දැන සිටිනවා යැයි කියන පුවත පිළිබඳ ප්‍රකාශයක් දීම සඳහා ය.

නවතම ලිපි