SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නව ඡන්ද දායකයන් ලක්ෂ 10ක් පමණ ලියාපදිංචි වී ඇතැයි

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

 

2019 වසරේ දී අවසන් වරට පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයන් 160,00000 (එක්කෝටි හැට ලක්ෂයක්) සුදුසුකම් ලබා තිබුණි. 

මෙවර ඡන්ද දායකයන් 170,00000 (එක්කෝටි හැත්තෑ ලක්ෂයක්) දක්වා වැඩි වී ඇති බව නවතම වාර්තා වලින් පෙනෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

එහිදී මෙම නව ඡන්ද දායකයන් වන්නේ වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අලුත් ඡන්ද දායකයන් බව ඔහු කියා ඇත.

 

ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලයේ තීරණාත්මක බලවේගයක් බවට මුලින් පත්ව තිබුණේ උතුරු නැගෙනහිර ඡන්දය වුවද පසුකාලීනව එය දකුණේ සමාජයේ පාවෙන ඡන්ද ප්‍රතිශතයේ ඡන්දය දීමේ ස්වභාවය අනුව ජය පරාජයට තීරණාත්මක සාධකයක් ව පැවතුනි.

 

ඒ අනුව මෙවර පාවෙන ඡන්ද ප්‍රතිශතය වැඩි අගයක් ගනු ලැබිය හැකි අතර තරුණ නව ඡන්දය පාවිච්චි විය හැක්කේ කෙසේද යන්න පිළිබඳවත් තරඟයට එක්ව ඇති දේශපාලන පක්ෂ විමසිලිමත්ව ඇති බව පෙනෙන්නට ඇත.

 

එහිදී වැඩි 'අවාසිය' අත්විය හැක්කේ සම්ප්‍රධායික ප්‍රභූ පක්ෂවලට බව දේශපාලන විචාරකයින්ගේ අදහස ය.

නවතම ලිපි