SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එක් පුද්ගලයෙකුට ජීවත්වීම සඳහා මාසෙකට රුපියල් 17000ක මුදලක් වැය වන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට රුපියල් 18000ක පමණ මුදලක් අවමව තිබිය යුතු බවත්

එවිට පවුලක පස් දෙනෙක් වේනම් රුපියල් 93000ක මුදලක් අවශ්‍ය වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

ඔහු කියන්නේ,

“අද මිනිසුන් ජීවන බරින් මිරිකිලා බඩු මිළෙන් මිරිකිලා කන්න බොන්න නැතිව ළමයා ඉස්කෝලේ යවාගන්න බැරිව ඉස්පිරිතාලෙට යන්න බැරිව අනාගතය ගැන බලාපොරොත්තුවක් නැතිව ජීවත්වෙලා ඉන්න පරිසරයක මම අහනව ඔය පොහොට්ටුවේ කයිය ගහන කට්ටියගෙන් කරන්ට් කපන්නෙ නෑ කියන කට්ටිය මේව දැක්ක ද කියල. පෝලිම් නෑ කියන කට්ටිය දැක්කද දන්නේ නෑ.

රුපියල් 93000ක් කට්ටියට ජීවත්වෙන්න ඔින නම් කඩේ බඩු තිබුනට ඒව ගන්න බැහැනේ.  එච්චර ආදායමක් නෑ ජනතාවට. මේ වගේ මිනිස්සුන්ගේ රීරි මාංස උරබොන විදිහට බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරල ඒවට අත උස්සල පොහොට්ටුවෙයි, රාජපක්ෂ පවුලෙ කෙනෙකුයි මේ රටේ කෙනෙක්ව බලයට පත් කරන්නෙ නෑ. ඇප තියාගන්නත් බෑ. පුළුවන් නම් ජනාධිපතිවරණයෙන් පස්සෙ මහ මැතිවරණයක් ආවොත් ආසන පහක්වත් ගන්න බෑ...”

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්..

 

 

නවතම ලිපි