SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහුගිය  (2019) ජනාධිපතිවරණ  සටනෙදි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගෙනාපු එක පොරොන්දුවක් තමයි කාන්තාවන්ගෙ මාසික ඔසප් සඳහා භාවිතා වෙන සනීපාරක්ෂක තුවා ලබාදීමේ කතාව.

ඒ කාලෙ මේ කතාවට පක්ෂ විපක්ෂ හැමෝම හිටු කියල ගැහුවා.

 

සංජීවනී වීරසිංහ ගායිකාව එදා කිව්වෙ  කාන්තා සනිපාරක්ෂාව ගෙදර පිරිමින්ට බලාගන්න පුළුවන් සජිත් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ කියලයි.

 

 

ඔන්න දැන් පක්ෂ විපක්ෂ හැමෝම ‘හම්මෝ සජිත්’ කියපු කාන්තා සනීපාරක්ෂක තුවා කතාව ඒ පොහොට්ටුවේම ඡන්දයෙන් පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙන්න තීරණය කරලා.

 

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබිලලු.

කැබිනට් එක අලුතින් හොයාගෙන තියෙනවලු ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන හතරක් ය, ඒකෙන්  වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2 ක් ඉන්නවය කියල..

ඒ ශිෂ්‍යාවන් ගෙන් අති දුෂ්කර පාසල්, දුෂ්කර පාසල්, හුදෙකලා පාසල් ,වතු පාසල් හා දරිද්‍රතා සිසු සිදුවියන් සහිත නාගරික  පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800000කට 2024 වර්ෂයේ අප්‍රේල් ඉඳල  ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහනක්  ක්‍රියාත්මක කරන්න එදා සජිත් ප්‍රේමදාස ට සවුත්තුව දාපු  කට්ටියම  ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිලලු.

 

කට්ටිය නම් කියන්නෙ රනිල් ජනාධිපතිවරයට දැන් ව්‍යාපෘති වගේම මැතිවරණ සටන් පාඨ, මැතිවරණ  පොරොන්දුත් ණයට ගන්න වෙලා තියෙන්නෙ ලු.

පහුගිය දාක චම්පික රණවක ගෙනාපු  දේශය වෙනුවෙන් තවත් පියවරක් ප්‍රකාශනයෙ තිබිච්ච යෝජනා කිහිපයක්ම රනිල් ජනාධිපතිගෙ ආණ්ඩුව ක්‍රියාත්මක කරලලු.

 

"ඔය මොකුත් නෑනෙ ජනතාව එපා කියල එලවාපු පොහොට්ටුවට කුද ගහගන්න කියල එතැනිත් එලියට ඇවිත් පරණ කට්ටිය එක්ක සෙට් උනානම්" කියල සමහර පරණ යූඇන්පී කාරයො කියනවලු.

"කොහෙද ඉතිං හාමු  බලන් ඉන්නෙ කට්ටියම එයා ගාවට දණ ගාගෙන බඩ ගාගෙන එයි කියලනේ" කියලයි පරණ පාක්ෂිකයො කියනවයි කියන්නේ.

හනේ ඉතිං වෙච්චි වැඩක්. (පහල තියෙන වීඩියෝවත් බලන්න...සෝ සෑඩ් සුදා (සුදාන්ත)

#Gossip

 

 

 

 

නවතම ලිපි