SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වූ තිලකා ජයසුන්දර

ඊයේ (02දා) පෙරවරුවේ අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කර ඇත.

 

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන තිලකා ජයසුන්දර 2021 වර්ෂයේදී රාජ්‍ය කාර්ය සාධනය හා කළමනාකරණය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය විශිෂ්ටතා සම්මානලාභිණියකි. මීට පෙර ඇය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි‍ අතර යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සුළු අපනයන බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වශයෙන්ද, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද ඒ හා සමගාමීව එම කාලපරිච්ඡේදය තුළ ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රථම කාන්තා සභාපතිනිය ලෙසද කටයුතු කර ඇත. එමෙන් ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන හා සැලසුම් අංශයේ අතිරේක ලේකම්වරියක් ලෙසද ඇය කටයුතු කර ඇත.‍‍‍

 

එමෙන්ම ඇය ජපානයේ ටෝකියෝහි ආසියානු ඵලදායිතා සංවිධානයේ හිටපු කර්මාන්ත අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළ අතර, ආසියානු ඵලදායිතා සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙසද ඇය වසර 10කට අධික කාලයක් පුරා කටයුතු කර තිබේ. වසර 56ක ඉතිහාසය තුළ එම සංවිධානයෙහි සිටි එකම කාන්තා නිලධාරිනිය වූයේද ඇයයි.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් (BSC) සහ ව්‍යාපාර කළමනාකරණපති උපාධියක් (MPA)ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් (SLIIT)ද ලබා සිටින තිලකා ජයසුන්දර ඵලදායිතා ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ මෙන්ම ව්‍යාපෘති කළමනාකරණය, රාජ්‍ය ප්‍රතිපත්ති, පරිපාලන, මානව සම්පත් කළමනාකරණය, සැලසුම් සහ අධීක්ෂණය, උපායමාර්ගික කළමනාකරණය, නායකත්වය, දැනුම කළමනාකරණය, හරිත ඵලදායිතාව, නවෝත්පාදනය සහ මානව කේන්ද්‍රගත ඵලදායිතාව ඇතුළු ක්ෂේත්‍ර රැසක අත්දැකීම් රැසක් ඇති නිලධාරිනියකි.

@ Divaina

නවතම ලිපි