SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න  සම්බන්ධයෙන්  මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ වෙතට අද (03) දැනුම් දුන්නේය.

මීට පෙර මහනුවරදී ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කීවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳව තමා දන්නා බවත් රහසිගතව එය අධිකරණයේ විනිසුරුවකු ඉදිරියේ කීමට සූදානම් බවත් ය.

වෙතට

ඒ අනුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් පැය හයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

අනතුරුව එය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

 

කෙසේ වුවත් අද නීතීඥ සන්දීප්ත සූරියආරච්චි මහතාගේ මෝසමකට අනුව මෙම නඩුව කැදවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මගින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මේ පිළිබඳ තීරණය  දැනුම් දී ඇත.

නවතම ලිපි