SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය වීමෙන් පසුව ඔහු පොදුජන පෙරමුණේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියේය.

 

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමෙන් පසුව ඊට විරෝධය පළ කරමින් කුමාර වෙල්ගම සමගි ජන බල වේගය සමග එක් විය.

 

ඉන් පසුව සමගි ජන බල වේගයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් නැවත පාර්ලිමෙන්තුවට පැමිණ සිටි අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග එක්ව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනුවෙන් පක්ෂයක් බිහි කරීමට කටයතු කළහ.

 

කුමාර වෙල්ගම පසුගිය 28 වන දින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මුණගැසී ඇති අතර ඔහු සමග සාකච්චා කර නැවතත් මහින්ද රාජපක්ෂ සමග එක්ව කටයුතු කරන බවට තීන්දුවකට එළබී ඇත.

 

තවද කුමාර වෙල්ගම පවසන්නේ තමන්ට හදවතේ නායකයින් දෙදෙනෙක් සිටින බවත් ඉන් එක් නායකයෙකු වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දැනට ජීවතුන් අතර නැති නමුත් තම හදවතේ නායකයා වූ මහින්ද රාජපක්ෂ ජීවතුන් අතර සිටින නිසා තමන්ට ඔහු ළගට යාමට බාධාවක් නැති බවය.

 

ඒ් අනුව කුමාර වෙල්ගම හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිංහල අලුත් අව්රුද්දට පෙර මතුගමදී පැවැත්වෙන ශ්‍රී ලංකාජන රැලියකට සහභාගී වීමට නියම්ත බව ද සදහන් වේ.

කළුගන්තොට සිංහයා යන නමින් ද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මැතිවරණ කාලයේදී හදුන්වනු ලැබේ.

 

@Aruna

නවතම ලිපි