SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රිලනිපය ප්‍රමුඛව සංවිධානය වෙමින් තිබූ මැද සන්දානයේ වැඩ කටයුතු නතරව ඇති බවත්

ඊට මූලික කාර්යභාරයක් ඉටු කළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ඉන් ඉවත්ව ගොස් ඇති බවත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය සහ රාජපක්ෂ පාර්ශ්වය පහුගිය දිනවල ඔවුන්ගේ වන්දිභට්ට මාධ්‍ය කඳවුරු හරහා පාරම් බෑවෝය.

 

ශ්‍රිලනිපයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පක්ෂය ලංසුවට තබා තම අභිමතාර්තයන් ඉටු කරගැනීමට යන්නේ යැයි වාර්තා පළ වූ අතර අප පසුගිය දිනයේදීද කියා සිටියේ ගැටලු ගණනාවක සිරවී මානසික ආතතියකට පත්ව සිටින සිරිසේන ජනාධිපතිවරයා දැන් විශ්‍රාම ගත යුතු බවය.

 

නොඑසේනම් නිදහස් පක්ෂ මහගෙදර විනාශ වී යෑම නොවැලැක්විය හැකි බවත් අප පෙන්වා දුන්නෙමු.

 

කෙසේ වුවද අද වනවිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ශ්‍රිලනිප සභාපති ධුරයේ වැඩකටයුතු වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ මහාධිකරණයෙන් ලබාදී ඇත.

 

ඒ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ පැමිණිල්ලකට අදාළව ය.

 

එසේම මෙම අතුරු තහනම් නියෝගයත් සමග මේ වනවිට හිටපු ජනාධිපතිනිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අය, පක්ෂය හැර ගිය අය මෙන්ම සන්දානයට එක් වූ හිතවතුන් සමග යළිත් සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග හරහා වාර්තා වේ.

 

ඒ අනුව මෛත්‍රීගේ ක්‍රියාකලාපය නිසා යම් පසුබෑමකට ලක්වූ පුටුව සන්දානය නැවත වතාවක්  මැද සන්දානය ලෙස සකස්වන ලකුණු පහළ වී ඇති බව ආරංචිමාර්ග වාර්තා කරයි.

 

@සමාරා

නවතම ලිපි