SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හෙට සමගි ජන සන්දානය ගිවිසුම්ගත වෙයි..!

 

හෙට අප්‍රේල් මාසෙ පස්වෙනිදා, ඉදිරියේදී එන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉලක්ක කරගෙන හදන පුළුල් සන්ධානයේ තවත් එක් අදියරක් තැබීමට ලෑස්ති වී සිටින බවත්

එහිදී මහාචාර්ය ජී එල් පීරිස් ප්‍රමුඛ කණ්ඩායම සමග සමගි ජන බලවේගය සහ සමගි ජන සංධානය ගිවිසුමකට එළඹෙන්නට, අවබෝධතාවයකට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියා.

 

මෙම ගිවිසුමට එළඹෙන්නේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කර ගනිමින් පමණක් නොවන බවත් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව කාරණා ගණනාවක් මාස කීපයක් තිස්සේ සාකච්ඡා කිරීමෙන්  එළඹුණු එකඟතාවයකට අනුව මැතිවරණ ජයග්‍රහණයට අමතරව ඉදිරියේදී රජයක් ලබා ගැනීමෙන් පසු කටයුතු කරන ආකාරය පිළිබඳව ද එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව මෙම ගිවිසුම අත්සන් කරන  බව පවසා සිටියා.

 

මේ ආකාරයට ඉදිරියේදීත් නොයෙකුත් සංවිධාන සහ කණ්ඩායම් සමග සාකච්ඡා සහ සන්ධානගතවීම්වලට නියමිත බව වැඩිදුරටත් ඔහු පවසා සිටියා.

 

 

 

මේ වන විටත් 2020 වසරේදී සමගි ජන සංවිධානයේ තරග කල කණ්ඩායම සිටින බවත්, හෙට එකතු වන කණ්ඩායමට අමතරව තවත් කණ්ඩායම් එකතු වීමට නියමිත බවත් සඳහන් කළා.

 

"අද අප්‍රේල් මාසේ හතරවෙනිදා, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරි සේනාව අධිකරණයට කැඳවලා තිබෙනවා. ඊයේ ප්‍රවෘත්ති වාර්තාවල පළ වුණා ඔහු අධිකරණයට යන්නේ නැහැ, CID එකට ප්‍රකාශයක් දීලා තියෙනවා කියලා. හිටපු ජනාධිපතිවරයා ඔහු ජනාධිපති ධුරය දරන සමයේ මේ රටේ පාස්කු ප්‍රහාරය ඇති වුණේ. මෙයට සම්බන්ධ මහා මොලකරුවන් සොයා නොගැනීම පිළිබඳව ජනතාව තුළ විශාල සැකයක් තියෙනවා.

 

වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධව විශාල ප්‍රශ්නයක් සමාජය හමුවේ තියෙද්දි,  විශේෂයෙන්ම මේ රටේ කතෝලික ප්‍රජාව සහ මුස්ලිම් ප්‍රජාව අතර ගැටුම් ඇතිවන තත්ත්වයට පත්වුණු,  ඒ වගේම අපේ රජය පරදින්න ප්‍රධානම හේතුවක් වුණු,  ඒවගේම ගෝඨාභය වගේ බූරුවෙක්ව මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ රැල්ලක් හදපු, මේ ප්‍රශ්ණයේ කෙළවර හොයාගන්න ඕන. එවැනි අවස්ථාවක තමයි හිටපු ජනාධිපතිවරයා ඇවිල්ලා කිව්වේ මහමොලකරුවන් කවුද ඒක කරපු අය කවුද කියන්න ඔහු දන්නවා, ඒක කියන්න කැමතියි කියලා. ඔහු දන්නවනම් ඇත්තටම ඔහු කරලා තියෙන්නේ අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක්.

 

පාස්කු ප්‍රහාරයට කලින් ඔහු දැනගෙන හිටියා නං මේ රටේ සේනාධිනායකයා විදිහට, එය වළක්වා ගැනීම ඔහුගේ වගකීමක්. පාස්කු ප්‍රහාරයෙන් පසුව දැනගත්තා නම්, එය සිදුකළ අයට  නීතිය මඟින් දඬුවම් ලබා දීම ඔහුගේ වගකීමක්. ඔහු කියන දෙය විහිළුවක් නෙමෙයි නම් , මොකද නඩු ගණනාවක් තියෙනවා, සල්ලි ගෙවන්න තියෙනවා මානසික ආතතිය ඇතිවෙනවා. එහෙම කියන දෙයක්ද අපි දන්නේ නෑ. හැබැයි ඔහු කියන දේ හරි නම්, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් දුන්නා වගේම, එක දවසක් අධිකරණයට ගිහිල්ලා කට උත්තරයක් දෙන්න බැරි අමාරුව මොකක්ද?  මේ රටේ මිනිස්සු දෙසිය ගණනක් ජීවිත පූජා කරලා ඔවුන්ගේ පවුල්වල අය අදටත් දුක් විඳිනවා නම්, ඔවුන්ව පීඩනයට පත් වෙවී මේක මඩේ දදා හෝදනවා වගේ කරන්නැතුව තව දවසක් ඔහුට යන්න බැරි අමාරුව මොකක්ද? මේ පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපේ දැඩි විරෝධය පළ කරනවා.මොකද මේ මැරුණු අයට වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කිරීමේ වගකීම ඔහු සතුව තිබෙනවා. මොකද ඔහු මේ රටේ ජනාධිපතිවරයා වගේම සේනාධි නායකයා  විදිහට ඉන්නකොට තමයි මේක සිද්ධ වුණේ.

 

ගෝඨාභය වගේ මේ රටේ ආර්ථිකය ගැන නිෂ්පාදනය ගැන ජාත්‍යන්තර සබඳතා ගැන කිසිම අවබෝධයක් නැති පුද්ගලයෙක් මේ රටේ ජනාධිපති වෙලා අපේ රට බංකොලොත්භාවයට පත් කළායින් පස්සේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ තමයි රනිල් වික්‍රමසිංහ ඇවිල්ල බදු වලින් ඇනගෙන ඇනගෙන යන්නේ. මේ රටේ වෘත්තිකයන්, සාමාන්‍ය ජනතාව, මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් මේ ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. දැනට 260,000ක් පමණ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඔවුන්ගේ ආදායම් මාර්ග නැතුව සම්පූර්ණයෙන්ම ව්‍යාපාර කඩාවැටිලා තියෙන්නේ. ඔවුන් ළඟ සේවය කරපු අයගේ රැකියා අහිමිවෙලා තියෙනවා. ඊළඟට මේ රටේ සමාජයේ පල්ලෙහාම ඉන්න මිනිස්සු, තුන් වේල කන්න බැරුව බිල් ගෙවා ගන්න බැරුව, දරුවෝ ඉස්කෝලේ යවාගන්න බැරුව, ඉස්පිරිතාලෙන් බෙහෙත් ටිකක් ගන්න බැරුව අසරණ වෙලා තියෙනවා. මේ රටේ වෘත්තිකයෝ තමන්ගේ දැනුමෙන් මහන්සියෙන් උපයන මුදල බදු වලට පූජා කරලා, තමන්ගේ දරු මල්ලොත් එක්ක සතුටින් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මේ ඔක්කොටම හේතුව රජයේ ආදායම් මාර්ගය හොයන එකම ක්‍රමය බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව බදු පමණක් උපයෝගී කර ගැනීම. සෘජු විදේශ ආයෝජන රුපියලක්වත් ඇවිල්ලා නැහැ.අපනයනය වැඩි කිරීම සඳහා කිසිදු පියවරක් අරගෙන නැහැ. අලුත් වෙළඳපළවල් සොයාගෙන යන්න එක පූර්ව සූදානමක්වත් අරගෙන නැහැ. දැන් මේ වික්‍රමසිංහ ආණ්ඩුව දොළ පිදේනි ලබාදෙමින් බදු සහන ලබා දෙමින් මේ රටේ වෘත්තිකයන්ව තලමින්, මහජනතාව තලමින් පෙලමින් තමයි මේ බදු ගහල තියෙන්නේ. 

 

VAT බද්ධ මේ  අවුරුද්දේ ජනවාරි පළවෙනිදා ඉඳලා 15% සිට 18% වැඩි කරලා තියෙනවා.මේක වැඩි කරේ රුපියල් බිලියන 600 ක ආදායමක් අපේක්ෂාවෙන්. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් සුරා බදු අධිකාරියත් එකතු කරගෙන නැති මුදල බිලියන 1066 ක්. මේ 1066 එකතු කලානම්, බැට් බද්ධ වැඩි කිරීම හරහා අපේක්ෂා කරපු බිලියන 600 ත් කැපෙනවා. තව අතිරේකව බිලියන 466 ක් ලැබෙනවා. එහෙම උනානම් ඇත්තටම වැට් බද්ද  වැඩි කරනවා වෙනුවට 12% දක්වා අඩු කරන්න තිබ්බා. එහෙම වුනානං ඊට සාපේක්ෂව පෙට්‍රල් ඩීසල් ගෑස් බඩු මිල ප්‍රවාහන ගාස්තු මේ ඔක්කොම අඩු වෙන්න තිබ්බා. නමුත් ඒක කරන්න රජයට කිසිම උවමනාවක් නැහැ.

 

දැන් මේ එකතු නොකළ ආදායම් බදු සහ සුරා බදු වලින් , දැන් නොයෙකුත් සමාගම් තියෙනවා බලපත්‍රවලට ගෙවන්නේ නැතුව පොලු තියලා බලපත්‍ර අහෝසි කළායින් පස්සේ යම් මුදලක් ගෙවලා දැන් බලපත්‍ර හම්බුනයින් පස්සේ ආයේ ගෙවන්නේ නැහැ. මෙහෙම කරන්නෙ සුවච කීකරු ගෝලයෝ ජනාධිපතිවරයාගේ. සුප්‍රසිද්ධ මහා බැංකු බැඳුම්කර මංකොල්ලයට හිරේ ගිය අයත් ඕකේ ඉන්නවා.

 

සාමාන්‍ය මිනිස්සු අනුභව කරන බීලූණු , අර්තාපල් ,කිරිපිටි වලට බදු පිට බදු ගහමින්, මේ රටේ ජනතාව පෙලනවා.

 

වරායට බීලූණු එන්නේ රුපියල් 92/- ට. ගොඩවත්ත කස්ටම් එකේදි ඒක එළියට එනකොට 365/- හැබැයි මාකට් එකේ විකුණන්නේ රුපියල් 700/-

 

අර්ථාපල් වරායට එන්නේ රුපියල් 110/- කස්ටම් එකෙන් එළියට ඇවිදිල්ලා එළියේ මාර්කට් එකේ විකුනද්දි රුපියල් 840/- මෙතනදී රජය ගහන බදු ප්‍රමාණයක් පේනවා ඒ වගේම කූඨ ව්‍යාපාරිකයන් හොයන ලාභයත් පේනවා. පාර්ලිමේන්තු කාරක සභාව මේ පිළිබඳව හොයනකොට දැනගෙන තියෙනවා අළු ලූණු කිරිපිටි වලින් විතරක් කූට ව්‍යාපාරිකයින් රුපියල් කෝටි 8000ක් විතර හොයාගෙන තියෙනවා. ඔවුන් බදු ගෙව්වද ඒ මුදල් මොකද උනේ කියලා කවුරුත් දන්නේ නැහැ . මේ පිළිබඳව ගන්නා පියවර පිළිබඳව රජය කිසිදු ප්‍රකාශයක් කරන්නේත් නැහැ. මේ අයුතු ලාභය සහ අසීමිත බදු ප්‍රමාණය නිසා වුනේ ජනතාවට බඩු මිල වැඩිවීම පමණයි. මේ අයුතු ලාභය අඩු කරා නම් බදු අඩු කරන්න තිබ්බා. බදු අඩු කළා නම් බඩු මිල මීට වඩා අඩු වෙනවා. ඒ දේවල් කරන්න මේ රජයට කිසිම උවමනාවක් නැහැ. ආනයනික භාණ්ඩවල ඩොලරයට සාපේක්ෂව මිල වැඩි වෙන්නේ 70% ක් වුනත්  වෙළඳපොලේ වැඩි වෙන්නේ 200% විතර.  මේවා පාලනය කිරීමට හෝ, බදු අඩුකර රාජ්‍ය ආදායම ස්ථාවර කිරීම සඳහා කූඨ ව්‍යාපාරිකයින් හොයන අයුතු ලාභය නවත්තන්න මේ රජයට කිසිදු වුවමනාවක් නැහැ.

 

කෝටි සීයකට වඩා ආණ්ඩුවට පොලු තියපු අය 92ක් ඉන්නවා. කෝටි 50-100 අතර104 ක්, කෝටි 30-50 අතර 57ක් කෝටි 5-10 අතර  ආණ්ඩුවට පොලු තියපු අය 630 ක් , කෝටි 1-5 අතර 3108ක්.  මේ විදිහට 4479 දෙනෙක්  රජයට කෝටි ප්‍රකෝටි ගණන් පොලු තියලා තියෙනවා. එතකොට මේවා එකතු කරගන්න ආණ්ඩුවට කිසිම වැඩ පිළිවෙලක් නැහැ . මේවා එකතු කළා නම් බදු අඩු කරලා බඩු මිල අඩු කරලා බිල් අඩු කරලා, ජනතාවට සහනයක් වෙන්න පුළුවන්.

 

බුද්ධිගලනය නැවැත්වීමට කිසිම උවමනාවක් නැහැ. ගිය අවුරුද්දේ රුපියල් බිලියන 100 ක් අපේක්ෂාවෙන් උපයන විට ආදායම් බද්ද 36% දක්වා වැඩි කළා. හැබැයි එකතු කලා බිලියන 150ක්. බදු ප්‍රතිපත්තිය සැරවුණාට අංක ගණිතය දන්නේ නෑ. ඒ නිසා දැන්වත් ඔය 36% කියන එක 24% ට අඩු කරන්න පුළුවන්. එතකොට රාජ්‍ය ආදායමට හානියක් නොවී බිලියන 100 එකතු කරගන්න පුළුවන්.මේ රටේ වෘත්තිකයන් ව්‍යාපාරිකයන් සාමාන්‍ය ජනතාව ගැන කිසිදු කැක්කුමක් නැතුව  රජය ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් බදු එකතු කරගන්නේ නැතුව ඔවුන්ට සහන ලබා දෙමින් ඔවුන්ට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ගමන්  පල්ලෙහාම ඉන්න මිනිස්සුන්ව මිරිකනවා. ඒ නිසා ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් කවුරු හරි පුද්ගලික ප්‍රතිලාභ ලබනවද කියන සාධාරණ සැකය අපිට තියෙනවා.

 

2014 වෙද්දි වරායවල් ගුවන් තොටුපළවල් පාරවල් හදලා සීගිරි පර්වත වගේ කටවුට් ගහලා මහින්ද රාජපක්ෂ පැරදුණා.

 

2015 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව බලයට පත්වෙලා ඊට පස්සේ මහ බැංකු මංකොල්ලය සිද්ධ වුණා. ආණ්ඩුව ජනප්‍රසාදයට ලක්වෙලා 2018 ප්‍රාදේශීය සභා ඡන්දෙදි කුල්ල කුජීත වෙලා හිටියා. ඒ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය කොලොන්නාව නගර සභාව විතරයි එකොළහෙන් එකොළහම දිනුවේ. එහෙම ඕනේ වික්‍රමසිංහ මහත්තයා කියපු අයට මම නොමිනේෂන් දුන්නේ නැති හින්දා. සංවිධායකවරයා හැටියට මම ඒ සුදුසු කණ්ඩායම තෝරාගෙන තමයි දිනුවේ..ඊට පස්සේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා මහින්ද රාජපක්ෂ අගමැති ආණ්ඩුව ආවට පස්සේ මම පෞද්ගලිකව රනිල් වික්‍රමසිංහ මහත්තයට කිව්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයකට යමු කියල. එතුමා කිව්වා අපි පාරවල් පාලම් බෝක්කු හදලා ඉවර වෙලා ඡන්දයකට යමු කියල. ඒවා හැදුවා. චන්දෙට ගියහම පරාදයි. ඒ වගේ තමයි අද මේ ගුරු පත්වීම් ලබාදෙනවා. ඔප්පු ලබා ලබා දෙනවා.  හොඳයි . අපි එපා කියන්නේ නැහැ.  මේ ඔක්කොම ජන්දෙ බලාගෙන කරන වැඩ. මිනිස්සු එච්චර මෝඩ නැහැ. මේ ඔක්කොම තමන්ට ලැබිය යුතු දේවල්.

 

"ඉගෙන ගත්ත මිනිස්සුන්ට ගුරු පත්වීම ලැබෙන්න ඕන. අවුරුදු 30-40 ක් පදිංචි වෙලා හිටපු මිනිස්සුන්ට ඔප්පුව ලැබෙන්න ඕන. ඔවුන්ගේ අයිතිවාසිකම දුන්නා කියලා ඡන්දය ලැබෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මැයි මාසෙ වෙනකොට තත්ත්වය බලලා ඡන්දේ ඉල්ලන්නේ නැහැ කියලා තීරණය කරනවා. ජුනි අග මැතිවරණ දෙපාර්තමේන්තුව ඡන්දයක් ප්‍රකාශයට පත්කරන කම්ම හැබැයි ඔහු ඒ බව කියන්නේ නෑ. එතකම් පොහොට්ටුවේ කට්ටියට ලණු දිදී ඉන්නවා. unp කට්ටියට ඉල්ලනවා කියලා කියනවා. මොකද එතුමා ඉල්ලන්නේ නැහැ කියලා දැන්ම දැනගත්තොත්, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය සේවකයෝ, තානාපතිවරු, ව්‍යාපාරිකයෝ එතුමාව ගණන් ගන්නේ නැතුව යනවා. ඒක එතුමා දන්නවා. ඒ හින්ද අපි මේ හැමෝටම කියනවා  පරදින්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ජන්දෙ ඉල්ලන්නේ නෑ".

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි