SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරේ දී අද (05) එළි දැක්වීය.

සමගි ජන සන්ධානය ලෙස එළිදැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුමකට ද එහිදී එළැඹීය.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර සහ  නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රමුඛ කණ්ඩායම සමඟ ඊට අදාළ ගිවිසුම් ගතවූහ.

 

ඒ සඳහා වන ගිවිසුමට අත්සන් තැබුණේ සමගි ජන බලවේගය හා මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රමුඛ නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු අතරයි.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සමගි ජන බලවේගය වෙනුවෙන් ඊට අත්සන් තැබූ අතර ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් ගිවිසුමට අත්සන් තැබූ සෙසු පිරිසයි. 

 

නවතම ලිපි