SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ව්‍යාපාරිකයන් අධික ලාභ ලැබීම පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිකිරීම සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණු නායක,

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ට ගෞරවණීය උත්තමාචාරය පුද කරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් කියයි.

ව්‍යාපාරිකයන් අයුතු ලෙස ලබන ලාභ, ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාව යටතේ හෙළි කිරීමට රණවක මහතා ඇතුළු සාමාජිකයෝ ක්‍රියාකළහ. එවැනි ක්‍රියාමාර්ගයකට දේශපාලනඥයන් යොමුවූ පළමු අවස්ථාව මෙය බවද ඔහු පෙන්වා දෙයි.

WhatsApp Image 2024 04 05 at 14.19.282

 

උත්සව සමයේදී පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම රජයේ වගකීමයි. එය ඉටුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ජාතික පාරිභෝගික පෙරමුණ ඉල්ලයි. විපක්ෂය ද මිල සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. ඒ නිසා විපක්ෂයට වංචනික ව්‍යාපාරිකයන් මූල්‍යාධාර සපයන්නේ දැයි ගැටලුවක් මතුවන බව පාරිභෝගික පෙරමුණේ නායකයා අවධාරණය කරයි.

එසේ නොවන්නේ නම් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක වංචනික ව්‍යාපාරිකයන්ට එරෙහිව ඉදිරිපත් විය යුතු බවද අසේල සම්පත් පෙන්වා දුන්නේ, ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

@මාධ්‍ය ඒකකය

 

WhatsApp Image 2024 04 05 at 14.19.27WhatsApp Image 2024 04 05 at 14.19.28WhatsApp Image 2024 04 05 at 14.19.271WhatsApp Image 2024 04 05 at 14.19.272

නවතම ලිපි