SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැන දැනම බාල හා විෂ සහිත නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා ඉන් රුපියක් කෝටි ගණනින් කොමිස් මුදල් ගැරූ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් රුපියල් ලක්ෂ 1000ක වන්දි ඉල්ලා පුද්ගලයකු අධිකරණමය ක්‍රියාමාර්ගයකට යොමු වී ඇත.

 

ඇසේ සුඳ ඉවත් කිරීමේ ශල්‍ය කර්මයකට පසුව ලබා දුන් Prednisolone Acetatean නමැති ඖෂධය හේතුවෙන් සිය පෙනීම සම්පූර්ණයෙන්ම අහිමි වූ පුරවැසියෙකු, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියගෙන් මෙලෙස වන්දියක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

 

මෙසේ වන්දි ඉල්ලීම සිදුකර තිබෙන්නේ, කඳපොළ ප්‍රදේශයේ පදිංචි මක්කාරි රාජරත්නම් නමැති අයෙකි.

 

අහිංසක මිනිස් ජීවිත බිළිදෙමින් මහජන බදුමුදල් කොල්ල කමින් බදු ගෙවන ජනයාගේද රුහිරු උරා බොන ඩ්‍රැක්‍යුලාවන්ට එරෙහිව නීතිය කෙසේ ක්‍රියාත්මක වේවිද….?

 

කෙහෙළියට අමතරව, ජනක චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සහ අදාල ඖෂධය මෙරටට ගෙන්වා ඇති, යක්කල පිහිටි, චාමී කෙමිස්ට් නම් සමාගමටද අදාල වන්දි ඉල්ලීමේ ලිපිය වින්දිත පාර්ශ්වය විසින් යොමු කර ඇත.

 

මේ පිළිබඳව  අහිංසක මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අමානුෂික ලෙස බාල ඖෂධ ගෙන්වා කොමිස් ගිලීමෙන් නොනැවති, වර්ණ කෝටි ගණනක් පෙනෙන දෙනෙතේ පෙනීමද නැතිවන බව දැන දැනම කළ කෲර ක්‍රියාවට නීතිය කෙලෙස ක්‍රියාත්මක වේදැයි මහ ජනතාව නිරන්තරයෙන් විමසිලිමත්ව බලා හිඳී.

 

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ඇතුළු වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් මෙම වන්දි ඉල්ලීම සිදු කරන වින්දිත පුරවැසියා, 2023 වසරේ අප්‍රේල් පස් වන දා නුවරඑළිය මහරෝහලෙන් අක්ෂි ශල්‍ය කර්මය කරගෙන තිබුණු අතර, ඉන් පසුව ලබා දුන් ප්‍රතිකාර හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් පෙනීම අහිමි වී ගොස් මේ වන විට  පූර්ණ අන්ධභාවයට ගොදුරුව සිටියි.

 

මෙසේ කෲර ලෙසත්, නින්දිත ලෙසත් ක්‍රියා කර ඇති කෙහෙළියලා හා චෞර නිලධාරී වලල්ල රාජ්‍ය මහජන බදු මුදලින් යැපෙන ගමන් මෙසේ මහනතාවගේ රීරී උරා බොන චෞර ඩ්‍රැක්‍යිලාවන්ට හා හයිනාවන්ට වඩා හපන්‍ ය.

 

අප තව දුරටත් අවධාරණය කරන්නේ අගතියට පත් සියළු වින්දිත ජනතාවට ඔබට සිදුවූ සාහසික බලවත් අසාධාරණය වෙනුවෙන් කෙහෙළියලාට එදිරිව නොබියව නීතිය හමුවට එන ලෙසය. එමෙන්ම වින්දිත මහ ජනතාවට යුක්තිය සාධාරණය ඉටුවන තුරු අපි අපේ මාධ්‍ය වගකීම නොපිරිහෙලා ඉටු කරමු.

 

@සුමුදු මද්දුම ආරච්ච්.

මිලානෝ.

ඉතාලිය.

නවතම ලිපි