SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වැසි කුණාටුවක් අතරතුර ලිබර්ටි ප්‍රතිමාවට ආලෝකය විහිදීමෙන් දින කිහිපයකට පසු,

සිකුරාදා නිව් යෝර්ක් නගර ප්‍රදේශයේ ඇති වූ රිච්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකදී ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙනු දක්නට ලැබී ඇත.

 

 

අර්ත් කැම් වීඩියෝ දර්ශනවලින් දැක්වෙන්නේ නිව් ජර්සි හි කැලිෆෝන් අසල උදෑසන 10:23 ට පමණ භූමිකම්පාව ඇති වූ විට ප්‍රතිමාව සහ නිව්යෝර්ක් නගරයේ අහස වෙව්ලන ආකාරයයි.

 

“Lady Liberty ට කටුක සතියක් තිබුණා,” යමෙක් X හි අදහස් දක්වා තිබුණේ එලෙසිනි..

 

USGS අනුව, ආසන්න වශයෙන් මිලියන 42 ක පමණ ජනතාවකට භූමිකම්පාව දැනී ඇත. එය වොෂින්ටන් ඩීසී දක්වා දකුණින් සහ නිව්යෝර්ක්-කැනඩා දේශසීමාව දක්වා උතුරින් ප්‍රදේශ දක්වා  සෙලවී ඇතැයි වාර්තා වේ. සෙලවීම තත්පර කිහිපයක් පැවතී ඇත.

 

කෙසේ වුවද නිව් යෝර්ක් නගරයේ කිසිදු පුද්ගල තුවාලයක් හෝ දේපල හානියක් වාර්තා වී නැත, නමුත් නෙවාර්ක් හි ගොඩනැගිලි තුනක් පිළිබඳ අවදානය යොමු වී ඇති අතර ඒවා  අනාරක්ෂිත ලෙස සලකනු ලැබ ඇත.

 

නිව් යෝර්ක් නගරයේ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම භූමිකම්පාව වූයේ 1884 දී රික්ටර් පරිමාණයේ 5.2 ක භූමිකම්පාවකි.

 

නවතම ලිපි