SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන්ට  ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරයේ කටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන ඇත්තේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් හා එක්කිරීමට බව  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියනවා ය.

 

මෙය කුමන්ත්‍රණයක් බවත් ඒ පිටුපස ඉන්නේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය බවත් ඔහු හිතනවාය... කියනවා ය.

 

මේ අදහසම සිරිසේන ජනාධිපතිවරයා විසින් පක්ෂ මහලේකම් කමින් ඉවත් කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාත් සිරිසේන පුත් දහම් සිරිසේන සමග අත්වැල් බැඳගෙන කියමින් ඉන්නවා ය.

 

පහුගිය කාලේ සිද්ද වෙච්ච හැම දේම මේ වෙද්දි දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට අමතක වෙලා හෝ අමතක කර දමලා බව පෙනෙමින් තියෙනවා ය.

 

මේ අතරෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාරගන්නා කියා තමන්ට පක්ෂ නායකත්වයෙන්  ඉල්ලීම් ලැබුනය කියලා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු ඇමති විජයදාස රාජපක්ෂ කියනවා ය.

පාක්ෂිකයන්ට අවශ්‍ය නම් තමන් එම ධුරයට පත්කර ගන්න පුළුවන්ය කියලත් විජේදාස ඇමතිවරයා කියනවා ය.

 

චන්ද්‍රිකා කුමාරතුංගව රනිල්ට ගැට ගහන මෛත්‍රී පහුගියදා මහනුවරදි දී තිබූ පාස්කු සම්බන්ධ ප්‍රකාශයට පස්සෙ රනිල් ජනාධිපතිවරයව හමු වෙලා තියෙනවා කියල සිරිකොත පැත්තෙන් කියනවා ය.

 

රනිල් වික්‍රමසිංහව හමුවෙලා සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඉල්ලීමක් කරල තියෙනවා ය.

 

ඒ තමාගේ ප්‍රකාශය නිසා තමාව අත්අඩංගුවට ගත්තොතින් තමාට ඇප ලබාගන්න සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා ඇතැයි කියැවෙනවා ය.

 

වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊට දී ඇති පිලිතුර වෙලා තිබුණේ අධිකරණයෙන් කැඳවීමක් ලැබුනෝතින් තමා දන්නා දේ අධිකරණයට කියන්න කියා බවත් සඳහන් වෙනවා ය..

 

ඒ උත්තරය ගැන මෛත්‍රීපාල සිරිසේනගේ හිතට හරි මදි ව ඇති බවත් සඳහන් වෙනවා ය.

 

ශ්‍රිලනිප සභාපති ධුරයේ කටයුතු කිරීමට අධීකරණයෙන් තහනම් නියෝගය පැමිණීමෙන් පසු ලිපිගොනු අතුරුදන් වීමක් ගැන පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව සඳහන් වෙනවා ය.

 

ඒ පැමිණිල්ල දමා ඇත්තේ වැඩබලන ලේකම් සාරථී දුෂ්මන්ත බවට තොරතුරු වාර්තා වෙනවා ය.

 

මේ අතරේ දයාසිරි ජයසේකර හිටපු මහලේකම් තුමා බොරදියේ මාළු බාන්න යන බව පෙන්වනවා ය.

 

මැද සන්දානය හැදීමේ වැඩේදී පවා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අඩමානෙට හිටි බවත් ඉන් නොනැවතී පසුව ඔහුත් සන්දානයක් අටවාගත් බවත් සඳහන් ‌වෙනවා ය.

ඔහු දැන් දහම් සිරිසේන සමග ශ්‍රිලනිපයේ ඊළඟ මෙහෙයුමට මාන බලන බවක් පෙනෙනවා ය.

 

@Lal Chandra Kantha

නවතම ලිපි