SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) දින කැඳවා ඇත.

ඒ උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ය.

 

එම පක්ෂයේ අනුශාසක  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එහි මුලසුන දැරීමට නියමිත බව ද  වාර්තා වේ.

 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රෙල් 4 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමිනි.

 

අනතුරුව පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවී ඇති බවට පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා සිදුකළ පැමිණිල්ලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කිසිවෙකුට ඇතුළුවීම පොලීසිය ඊයේ තහනම් කළේය.

 

පක්ෂ මූලස්ථානය වැඩබලන ලේකම්වරයාගේ පැමිණිල්ලට  අනුව වසා ඇති තත්වයක් තුළ   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් අද  පෙරවරු 10ට පදනම් ආයතනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

මැතිවරණ කොමිෂන් සභාව තළ ඇති ලිපි ගොනුවේ සඳහන් සාමාජිකයින් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර සහ ශාන් විජයලාල් ද සිල්වා අය හැරුණුකොට අනෙකුත් සාමාජිකයින්ව  ඊට කැඳවා ඇති බව ආරංචිමාර්ග පවසයි.

 

නවතම ලිපි