SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP)

දේශපාලන ලේකම් ධුරයට අරගලයේ නායකයෙක් වූ  දේශපාලන විද්‍යා දේශක හේමප්‍රිය කවිරත්න පත්කර ඇතැයි අනාවරණය වී ඇත.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ අලුත්ම ඡන්ද ලකුණක් සහිතව පොදු සන්ධානයකින් බවට වූ වාර්තා සනාථ කරමින් ඒ ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට හිමි පක්ෂය බවත්, එම පක්ෂය සම්බන්ධයෙන් අවශ්‍ය නිල කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ටිරාන් අලස්ට හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත පවරා ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග හෙළිකරයි..

 

ගෝල්ෆේස් අරගලයෙන් පසු අරගලයට සම්බන්ධ නායකයින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ කාර්යාලයට එක් ව ඇති බවත් එකල අප විසින් හෙළිදරව් කරන ලදී. එහිදී මුලින් ම අරගයේ කෝණාර ඇතුළු තරුණ නායකයින් එක්සත් මහජන පක්ෂය සමග එක් ව ඇත.  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව එක්සත් මහජන පක්ෂයට  තරුණ නායකයින් එක් කරගැනීමට කටයුතු කර ඇති අතර අරගලයේ Black Cap Movement  හේමප්‍රිය කවිරත්න ඇතුළු තරුණ තරුණියන් කිහිපදෙනෙකුගේ පක්ෂයේ තනතුරුවලට පත්කර ඇත.

 

එක්සත් මහජන පක්ෂයේ නායක අමාත්‍ය ටිරාන් අලස් කල ඉල්ලීමක් අනුව හේමප්‍රිය කවිරත්න එම තනතුර භාර ගැනීමට එකඟතාවය පළකර ඇතැයි වාර්තා වේ.

 

Black Cap Movement  හේමප්‍රිය කවිරත්න මිට පෙර එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ උපකාරක පන්ති ගුරුවරුන්ගේ සංගමයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර පසුගිය සමයේ දේශපාලන වශයෙන් සක්‍රියව කටයුතු කල අයෙක් ලෙස සැලකේ.

 

හේමප්‍රිය කවිරත්න ට අමතරව එම පක්ෂයේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කටයුතු සඳහා හිටපු ජේෂ්ඨ පොලිස් නිළධාරියෙකු වන රංජිත් දසනායක ද  පත්කර ඇත.

 

ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ ඡන්ද ලාංඡනය වන්නේ ජංගම දුරකථනය වේ.

 

අරගලයේ Black Cap Movement  සම කැඳවුම්කරු වැඩසටහනකට සහභාගී වෙමින්...

 

 

නවතම ලිපි