SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්  

මේ වනවිට සජබයේ ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායම විසින් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

 

2020 දී එක්සත් ජාතික පක්ෂයේ අයිතිය ප්‍රකාශ කරමින්, සිරිකොත අල්ලා ගැනීමට සූදානම්ව සිටි සමගි ජන බලවේගය අද පොහොට්ටුවේ සභාපති ඇතුළු පිරිසට යටවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර තිබුණේ, මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (07) දින පැවති දේශපාලන පක්ෂ නියෝජිත හමුව අමතමිනි.

 

2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමග මෙරට පක්ෂ ක්‍රමයද වෙනසකට ලක්වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද අද සියලුදෙනා රට පිළිබඳ සිතා රජයේ වැඩපිළිවෙළ සමඟ සහයෝගයෙන් ඉදිරියට යා යුතු බව වැඩිදුරටත් කියා ඇත.

 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ....,

 

"පසුගිය කාලයේ දේශපාලන පක්ෂ තුළ බෙදිමක් ඇති වුණා. පොහොට්ටුවේ සභාපති සහ සුළුතරයක් විපක්ෂයට ගියා. දැන් එම කණ්ඩායම සමගි ජනබලවේගය අල්ලාගෙන සිටිනවා. 2020 සමගි ජන බලවේගය ප්‍රකාශ කළේ අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ ඒ නිසා සිරිකොත අල්ලාගන්න ඕන කියලා. එසේ පැවසු සමගි ජන බලවේගය අද පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායමට යට වී සිටිනවා."

 

"අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂය නැහැ. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කළේ මමයි. ජේ.ආර්. ජයවර්ධන, ආර්, ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග මේ සියලුදෙනා සමඟ අපි වැඩකළා."

 

"අද සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය කියන්න කිසිම අයිතියක් නැහැ. අද අපට පොදුජන පෙරමුණ සමඟ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද වැඩ කිරීමට සිදුව තිබෙනවා. රට වෙනුවෙන් අපි එකට සිටිය යුතුයි. අද දේශපාලනය වෙනස් වෙලා."

 

මෙම වැඩසටහනින් අනතුරුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සභාපතිවරුන්ගේ හමුවකට ද ජනාධිපතිවරයා සහභාගී වී ඇත.

නවතම ලිපි