SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ දේශපාලනය යනු බල අරගලය මිස අන් කවරක්වත් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි.

සමගි බුද්ධි මණ්ඩපයට ඊයේ (07) එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, පැලැන්තියක් රැකගැනීමට උත්සාහ දරන දේශපාලකයන්ට අවස්ථාවක් ලබා නොදිය යුතු බවය.

 

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,

 

"දැන් මෙරට දේශපාලන පද්ධතිය අපේ සමාජයේ ගැඹුරින් පවතින බෙදීම් සහ සංස්කෘතිය ප්‍රතිරූපනය කරනවා. ශ්‍රී ලංකාවේ දේශපාලනය අද බල අරගලයකට වඩා වැඩි යමක් නෙවෙයි. සෑම දේශපාලන ප්‍රචාරක ක්‍රමෝපායක්ම සකස් කර ඇත්තේ ඡන්ද පදනම කළමනාකරණය කළ හැකි ආකාරයෙන්. ඒවගේම එය කුලය, පංතිය, ජාතිය ආදී මානයන් ඔස්සේ බෙදා තිබෙනවා. ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රගතියක් අපේක්ෂා කළ හැක්කේ කුලය, පංතිය, ජාතිය වැනිදෑ අමතක කර කටයුතු කළොත් පමණයි. භීතිය ඇති කරන හෝ විප්ලවකාරී වීමට තැත්කරන දේශපාලනඥයෝ හෝ එක්තරා පංතියක් ආරක්ෂා කිරීමට උත්සාහ කරන දේශපාලනඥයින් පෝෂණය කිරීම අප නතර කළ යුතුයි. සමගි ජන බලවේගයේ අපි අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික මතවාදයක එළඹ සිටින්නේ නැහැ.අප විශ්වාස කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි."

 

මෙම අවස්ථාවට එක්වූ ඉන්දියානු ආර්ථික විශේෂඥයෙක් වූ ආචාර්ය සුරිජිත් බාලා මෙලෙස අදහස් දැක්වීය.

 

"1990 වසරේ උපාධි අධ්‍යනය සඳහා මම ඇතුළත් වනවිට ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නා සමාජ සංවර්ධනයේ සහ මානව සංවර්ධනයේ දීප්තිමත් උදාහරණයක්. දැන් එය ආර්ථික අර්බුදයක් තරණය කරමින් ඉන්නේ. මම 1980 දශකයේදීත්, ඉතා මෑතකදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ශ්‍රී ලංකාවේ කටයුතු කළා. දැන් ශ්‍රී ලංකාවට ඉන්නේ එක් නායකයෙක් නෙවෙයි. නායකයින් රැසක් ඉන්නවා. එක් මුහුණක් නෙවෙයි පැතිකඩ රැසක් පවතිනවා."

නවතම ලිපි