SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ පරිගණක අපරාධ බහුලව සිදුවන වහල් කඳවුරු වල සිරවී සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 48 දෙනා මුදා ගැනීම

අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි එරට මිලිටරි ජුන්ටාව ප්‍රකාශ කර තිබෙන බව තානාපති ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

 

එයට හේතුවී ඇත්තේ එම වහල් කඳවුරු පවතින මියවඩි ප්‍රදේශයේ පාලනය වාර්ගික සන්නද්ධ කණ්ඩායම් සතුව තිබීම බව සඳහන් කරයි.

 

එම ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු සිරවී සිටි බවත් මේ වනවිට ඉන් 8 දෙනෙකු බේරා ගෙන ඇති බවත් බේරාගත් 8 දෙනා තායිලන්තය හරහා ශ්‍රී ලංකාවට එවීම සඳහා ලියකියවිලි සුදානම් කරමින් සිටින බවත් කියැවේ.

 

මේ පිළිබඳව වාර්තා කර තම දරුවන්ව ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ඉල්ලීමට පසුගිය කාලය පුරාම අදාළ තරුණ තරුණියන්ගේ පවුල්වල සාමාජිකයින් විදේශ සේවා කටයුතු භාර අමාත්‍ය මනූෂ නානායක්කාර හමුවීමට වාර ගණනාවක් ගිය බවත් ඔවුනට සාධාරණයක් ඉටු නොවුනු බවත් පවසයි.

නවතම ලිපි