SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටලුකාරී තත්ත්වය විසඳා

එය ගොඩනැඟීමේ අයිතියක් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

 

ඔහු ඊයේ (09) පෙරවරුවේ කොළඹදී පැවැති උත්සවයක් අවසානයේ මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.

 

විවිධ දේශපාලන මත ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නිදහස තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගැටලුවක් නොවන බවත් එහිදී මහින්ද රාජපක්ෂ පවසයි.

 

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ යන ගමන හැකි තරම් ගමන් කරන බවත් නොහැකි වුවහොත් නවතා දමන බවත් මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියයි.

 

මෙවර ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් වේ යැයි තමන් නොසිතන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා පොදු පෙරමුණේ අපේක්ෂකයා කවුදැයි තවම තීන්දු කර නැති බව ද කීය.

නවතම ලිපි