SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මුහුදු මතුපිට උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී ගෝලීය උණුසුම

වාර්තාගත අයුරින් ඉහළ ගිය බව යුරෝපීය දේශගුණික නිරීක්ෂණ ඒජන්සිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ගෝලීය උණුසුම අඛණ්ඩව ඉහළ ගිය 10 වැනි මාසය බව ද යුරෝපීය දේශගුණික නිරීක්ෂණ ඒජන්සිය සඳහන් කර ඇත.

 

පසුගිය මාසයේදී ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 14.14ක සාමාන්‍ය අගයක් ගත් බවත්,

එය 2016 වසරේ උණුසුමට වඩා සෙල්සියස් අංශක 10ක වැඩිවීමක් බවත් එම ඒජන්සිය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එමෙන්ම මාර්තු මාසයේ ගෝලීය උණුසුම ලොව ඉහළම උණුසුමක් වාර්තා වූ මාර්තුව බව ද එහි සඳහන් වේ. ඒ අනුව මේ වන විට සමස්ත ලෝකය වේගවත් දේශගුණික විපර්යාසයක නව යුගයක් කරා යොමු විය හැකි බවට ද යුරෝපීය දේශගුණික නිරීක්ෂණ ඒජන්සිය අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

නවතම ලිපි