SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල  දෙමළ  අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ වනවිට ලාංකිකයින්  සූදානම් වේ.

පුරාණ සම්ප්‍රදායට අනුව අද දිනය  සැලකෙන්නේ පරණ අවුරුද්ද හෙවත් පුරාණ කොනම් දිනය ලෙසයි.

 

අතීතයේ සිටම  ශ්‍රී ලාංකිකයින් පරණ අවුරුද්දේ සිය නිවෙස් පිරිසිදු කිරීම් හා අලුත් අවුරුදු කැවිලි පෙවිලි ආදිය සකසා ගැනීම සිදු කළහ.

ඔවුන් මේ කටයුතු සියල්ල පුණ්‍ය කාලය ලැබීමට පෙර අවසන් කළේ ය.

 

මෙවර අලුත් අවුරුදු උදාව යෙදී ඇත්තේ හෙට (13)  රාත්‍රී 9 යි 5 ටයි.

හෙට පස්වරු 2.41 ට පුණ්‍ය කාලය උදා වේ.

එය අප්‍රේල් 14 වැනි ඉරිදා අලුයම 3.29 න් අවසන් වන බව ජ්‍යෝතිෂයේ සඳහන් වේ.

 

ඒ අනුව හෙට පස්වරු 2.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යහපත්.

 

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ ‍ හෙට (14) රාත්‍රී 11.06 ටයි. 

නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු  දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා. තල - උක් හකුරු මිශ්‍ර කිරිබතක් හා තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම  යහපත් බව ජ්‍යෝතිශයේ දැක්වේ.

 

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකත අප්‍රේල් මස 14 වැනි ඉරිදා  අලුයම  12.06 ට යෙදි තිබේ.

ජ්‍යෝතිෂයේ දැක්වෙන්නේ නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම යහපත් බවයි

 

හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 15 වැනි සඳුදා පෙරවරු  10.17 ට යෙදී  ඇත‍.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත්ද, පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම ඉතාමත් යහපත් බව ජ්‍යෝතිශයේ දැක්වේ.

 

රැකි රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් මස 17 වන බදාදා උදෑසන 06.52 ට යෙදී  ති‍බේ.

කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම යහපත් වේ.

 

ජාතික පැල සිටුවීමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 18 වැනි දින පෙරවරු 10.16ටය.

මෙවර ඖෂධීය මුරුංගා ශාඛය සෑම නිවසක ගෙවත්තකටම හඳුන්වා දෙමින් ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත්කිරීමද එදින සිදු කෙරේ.

 

 WhatsApp Image 2024 04 11 at 15.46.58

 

 

නවතම ලිපි