SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉරානය විසින් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (13) රාත්‍රී ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථානවලට ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවය.

 

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.

 

 

 

 

අදාළ ප්‍රහාරයෙන් ඉරාන කොන්සල් කාර්යාලයේ සිටි පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර හමුදා ප්‍රධානීන් 05 දෙනෙකු ද ඒ අතර විය.

 

අදාළ ප්‍රහාරයට පළි ගැනීමක් වශයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන නායකයා ප්‍රකාශ කර තිබූ අතර ඊයේ රාත්‍රී එම ප්‍රහාරය දියත් කර ඇති බව සඳහන් වේ.

එහිදී බැලැස්ටික් මිසයිල ප්‍රහාර ද එල්ල වී ඇති බව වාර්තා වේ.

 

ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් ද නතර කර ඇති බව වාර්තා විය.

 

මෙම යුධමය තත්ත්වය පිළිබදව අමෙරිකාව ඇතුළු රටවල් රැසක අවධානය යොමුව ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් ද කැඳවා තිබේ.

 

නවතම ලිපි