SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවලදී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටලුකාරීත්වයක් පැනනැඟුණු බව

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කියයි.

 

ණය ප්‍රතිව්‍යුගතකරණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ආයතන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කරයි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සඳහන් කරන්නේ  පසුගිය මාර්තු මස අවසානයේ දී ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවලදී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටලුකාරීත්වයක් පැනනැඟුණු බවය.

 

ඉන් කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට මේ වනවිට හැකීව ඇති බව ඔහු කියයි.

එමෙන්ම අදාළ සාකච්ඡාවලදී එකඟතාවයකට පැමිණීමට අසමත් වූ කරුණු දෙක සම්බන්ධයෙන් ඉදිරියේ දී නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් ඔහු  එහිදී සඳහන් කර ඇත.

 

ඒ අනුව ශ්‍රී ලංකා රජය මේ වනවිට අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් සුබවාදී ස්ථාවරයක සිටින බව සාගල රත්නායකගේ අදහස වී ඇත.

නවතම ලිපි