නුවරඑළිය මනරම් කඳුකරය ආශ්රිත සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනයට ඇති අවස්ථා සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ
අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරතවී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම ගමන ආරම්භ කළේ Pekoe මංපෙත පසුකරමිනි.
එම වතු ජනතාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර ඇත.