SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත්

ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් භාවිතා කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් චෝදනා කරයි.

 

එසේම විජේරාම මාවතේ ඔහුට ලබා දී ඇති නිල නිවසද තවමත් භාරදී  නැති බව සඳහන්.

 

රාජ්‍ය නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාර ගත වුවහොත් ඔහුට ලැබී තිබූ වරප්‍රසාද සියල්ල වහාම අහෝසි වන නමුත් කෙහෙළිය රඹුක්වැල්ලට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඇයිදැයි එම නිලධාරියා ප්‍රශ්න කළේය.

 

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල බැලීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙන්නේද එම නිල වාහනවලින් බව එම නිලධාරියා චෝදනා කළේය.

 ‍

Lankadeepa

නවතම ලිපි