SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ 108 වන ජන්ම දින සැමරුම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ප්‍රධාණත්වයෙන් ඊයේ (17) දින පවත්වා ඇත.

 

karu 2

 

මෙම අවස්ථාවට හිටපු කථානායක කරූ ජයසූරිය, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන, ජගත් පුෂ්පකුමාර, ටිකිරි කොබ්බෑකඩුව, දුමින්ද දිසානායක ඇතුලු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි.

 

එහි ප්‍රධාන දේශනය මහාචාර්ය සරත් විජේසූරිය විසින් සිදු කර ඇත.

 

සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය පිළිබඳ වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කර තිබූ අතර කිසිදු දේශපාලන කතාවකින් තොරව සැමරුම් උත්සවය සංවිධානය කර තිබූ බව වාර්තා වේ.

 

WhatsApp Image 2024 04 18 at 07.38.032

 

එහෙත් පැමිණ සිටි පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන විනාශය ගැනත් ඊට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සභාපතිත්වය වගකිව යුතු බවටත් චෝදනා කරමින් කම්පා වු බව සඳහන් ය.

 

කෙසේ වුවද මෙදින පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උළෙලේදී  තම නිදොස් බව වෙනුවෙන් සිරිසේන ජනාධිපතිවරයා ආවේගාත්මක කතාවක් කරන ලද බව වාර්තා වේ.

 

WhatsApp Image 2024 04 18 at 07.38.00WhatsApp Image 2024 04 18 at 07.38.01WhatsApp Image 2024 04 18 at 07.38.011WhatsApp Image 2024 04 18 at 07.38.02WhatsApp Image 2024 04 18 at 07.38.021WhatsApp Image 2024 04 18 at 07.38.022WhatsApp Image 2024 04 18 at 07.38.03WhatsApp Image 2024 04 18 at 07.38.031WhatsApp Image 2024 04 18 at 07.38.27

karu 1

නවතම ලිපි