SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (17) දකුණු අප්‍රිකාවේ Potchefstoom හි පැවති ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තෙවැනි එක් දින තරඟයේදී

නව ලෝක වාර්තාවක් ඇතුලු වාර්තා කිහිපයක් තබමින් ජය ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුභ පතා ඇතැයි වාර්තා වේ.

 

ඒ කණ්ඩායම් නායිකා චමරි අතපත්තු වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමිනි.

 

චමරීගේ නොදැවී වාර්තා කළ ලකුණු 195ක අනර්ඝ ඉණිම හමුවේ කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී කණ්ඩායමක් හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීම පිළිබඳවද ජනාධිපතිවරයාගේ පැසසුම කණ්ඩායමේ පුහුණුකරු ඇතුළු සමස්ත කණ්ඩායම වෙතත් පෞද්ගලිකව නායිකා චමරි අතපත්තු වෙතත් පිරිනමා ඇත.

ජනාධිපතිවරයා මෙම සුභ පැතුම එක්කර තිබුණේ අව්රුදු නිවාඩුව වෙනුවෙන්  දියතලාවට ගොස් සිටින අතරවාරයේදී ය.