SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"රජය IMF වාරිකය පිළිබඳ නොයෙකුත් කතා කියනවා. ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර එකඟතාවයන්ට ආවා කියලා කියනවා.

නමුත් IMF  දෙවැනි වාරිකය තවමත් ප්‍රමාද වෙනවා.

 

අපට ආරංචි විදිහට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඔවුන්ගේ පොලී අනුපාත අඩු කරන්න එකඟ වෙලා මේ ආණ්ඩුවට කොන්දේසි දාලා තියෙනවා, ප්‍රධාන කොන්දේසි දෙකක්.

එකක් තමයි දූෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා පිළිගත් ක්‍රමවත් වේගවත් යාන්ත්‍රණයක් හදන්න කියලා.ආණ්ඩුව මේකට එකඟ නොවීම නිසා තමයි දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගත  කිරීම ප්‍රමාද වෙමින් පවතින්නේ.

 

 

අපි ආණ්ඩුවෙන් අහනවා ඇයි මේ දූෂණය පිටුදැකීම සඳහා ස්ථිරසාර ක්‍රමවත් වැඩ පිළිවෙලක් ගේන එකට බයවෙන්නේ ඇයි කියලා.  මොකද වර්තමාන ආණ්ඩුවත් ඉතාම දූෂිත ආණ්ඩුවක්. මොකද පහුගිය කාලේ, තෙල් මිලදී ගැනීම්වල ගෑස් මිලදී ගැනීම් වල හදිසි මිලදී ගැනීම් කළා. බාල පොහොර නැව් ගෙනාවා. express පර්ල් වගේ නැව් විනාශ වෙද්දි ඒවට මොකද වුනේ කියල දන්නෙත් නෑ.බාල බෙහෙත් ගෙනල්ලා ඇමතිවරයා දැන් හිරේටත් ගිහිල්ලා තියෙනවා.

රජයේ විගණන වාර්තා අනුව 2022 මාස හතක් ගෑස් වැඩිපුර මිලට අරගෙන තියෙනවා. ශියාම්  ගෑස් සමාගම මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 96 ට offer කරලා තියෙද්දි, ඒක එන්න පරක්කු වෙනවා කියලා oman trading සමාගමෙන් ඩොලර් 118.23 ගානේ වැඩි මිලදී ගැනීමක් කරලා තියෙනවා. එතකොට මෙට්‍රික්ටොන් 14,783ක් එහෙම ගෙනාවම දළ වශයෙන් කෝටි 114 ක් විතර පාඩු වෙලා තියෙනවා.

මේක ඇත්ත වශයෙන්ම ගණන් අඩු කරන්ඩ තිබිච්ච එකක්. අඩු ලන්සුලාභියාගෙන් මිලදී ගත්තා නම්, ගාන අඩු කරන්න තිබ්බ එක තමයි මේ විදිහට වෙලා තියෙන්නේ. මේකට කැබිනට් පත්‍රිකාවකුත් දාලා.

 

මට මතකයි එවකට මම කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට මේ ගනුදෙනුව වෙන්න කලින් මෙහෙම ගනුදෙනුවක් වෙන්න යනවා කියලා කෝප් කමිටුවේ සභාපතිවරයාට දෙවතාවක් මම ලියුම් දැම්මා. මේවා උනාට පස්සේ පරීක්ෂණ කරලා වැඩක් නැහැ වෙන්න කලින් පරීක්ෂණ පවත්වන්න කියලා. වර්තමාන ආණ්ඩුවක් පහුගිය රාජපක්ෂ ආණ්ඩුව වගේම අන්ත දූෂිත ආණ්ඩුවක්. ඒ නිසා තමයි ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් දාන කොන්දේසි වලට ඔවුන්ගේ එකඟතාවය දක්වන්නේ නැතුව මේක ප්‍රමාද වෙමින් පවතින්නේ.'

 

 

මේ රටේ සම්පත් විකුණලා, දේපළ විකුණලා ආදායම් හොයන්න ඕන නැහැ.

 

විශේෂයෙන්ම දූෂණ විරෝධී ක්‍රියාවලිය වේගවත් කරලා හරියාකාරව කෙරුවොත් ආයෝජකයෝ එන තැනට විශ්වාසයක් එනවා. මේ රට ආයෝජනයට මිත්‍රශීලී රටක් කියලා. එතකොට සෘජු විදේශ ආයෝජන එනවා. මේ මොහොත වෙනකම් මේ අවුරුද්දට හෝ ගිය අවුරුද්දට සෘජු විදේශ ආයෝජන සත පහක්වත් ඇවිල්ලා නැහැ. ඩොලර් බිලියන 1.8ක් අත්සන් කළා කිව්වට එක රුපියලක්වත් ඇවිල්ලා නෑ.

සෘජු විදේශ ආයෝජන නැතුව අපිට දියුණු වෙන්න බැහැ.එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගාර්මන්ට් ෆැක්ටරි දාන යුගයේදී වියට්නාම් ආර්ථිකය  සහ ලංකාවේ ආර්ථිකය එක හා සමාන මට්ටමක තිබුණේ. නමුත් වියට්නාමයේ වේගයෙන් සංවර්ධනය වෙලා ගිය අවුරුද්දට විතරක් ඩොලර් මිලියන 35000ක් වියට්නාමයට සෘජු විදේශ ආයෝජන ඇවිල්ල තියෙනවා ගිය අවුරුද්දට විතරක්. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මේ බදු වැඩි කරලා ආදායම අරගෙන රට පාලනය කරන්න බැහැ.සෘජු විදේශ ආයෝජන වැඩි කරලා අපනයන වෙළඳාම වැඩි කරලා අලුත් වෙළඳපළවල් වලට ඇතුල් වෙන්න.අපනයන වැඩි කරලා අලුත් වෙළඳපොළවල්වලට ඇතුල්වීම ගනුදෙනුවක් නිසා අපට ආනයන අරින්න වෙනවා.

ආනයන ඇරලා ඩොලර් සංචිතය රැක ගන්න නම් විදේශ ආයෝජන වැඩි කරන්න වෙනවා. විදෙස් ආයෝජන සෘජුව වැඩි කරන්න නම් දූෂණය නාස්තිය පිටු දකින ස්ථිර ක්‍රමවත් වැඩපිළිවෙලක් ගෙන ඒමේ අවශ්‍යතාවය තියෙනවා. මේ ආණ්ඩුව ඒක නොකර කල් මැරීමෙන් තේරෙන්නේ මේ ආණ්ඩුවත් දූෂණ විරෝධයට අනුකූලතාවයක් දක්වන්නේ නැහැ සහ මේ ආණ්ඩුව තුළත් ඒ කරුණු පවතිනවා කියන එකයි.

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි