SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නලින් ද සිල්වා විසින් මීට පැය කිහිපයකට පෙර ලිපියක් පලකර ඇත.

සබැඳිය -

https://web.facebook.com/nalinkalaya/posts/pfbid02vjiyVRttE32N3VQzBNdDUkep5ZFendUmDK4ZaCfLXTF1w26ituohWXS7thoeMhxl

 

මෙම ලිපියට පෙර ලිපියකින් ඔහු විසින් මතුකරන ලද ප්‍රධාන ප්‍රශ්නය වූයේ ෆස්ලි නිසාර් තම මුසොල්මානු සම්භවය අත්හැර සිංහල අනන්‍යතාවයක් ලබා ගත්තේ ඇයිද යන්නයි.

 

මෙම ලිපියෙන් නලින් ද සිල්වා විසින් නෛතික ප්‍රශ්නයක් ද මතු කොට සිටී.

 

ඔහු මෙසේ පවසයි:

 

"බලධාරීන් ෆස්ලි නිසාර්ගේ මුස්ලිම් නොවන මිතුරන් කිහිප දෙනකුට වාලච්චේනයේ දී හරි වෙනත් තැනක දී හරි මිනිය භාරදුන්නේ කෙසේ ද? මිනී භාරදීම් පිළිබඳ නීීිති රීති රෙගුලාසි එහි දී අනුගමනය කෙරුණා ද? එහි දී රාජ්‍ය මැදිහත්වීමක් සිිදුවුණා ද? ප්‍රශ්න දෙකට ම හරි එකකට හරි පිළිතුරු දීමට තව දින දෙකක් ලබා දෙනවා."

\

 

නලින් ද සිල්වාගේ මෙම ප්‍රශ්නයත් සමගම තවත් බරපතල ප්‍රශ්නයක් මතු වේ. එනම්, දේශපාලන ගමන් මගේ හමු වූ ඔහුගේ සගයින් විසින් අවසන් කටයුතු සියල්ල සූදානම් කොට තිබියදී හදිසියේ කඩාපාත් වූ මුසොල්මානුවන් කිහිප දෙනෙකු ඔහුගේ මරණයට අයිතිවාසිකම් ඉල්ලා සිටීමත්, මුස්ලිම් ක්‍රමයට අවසන් කටයුතු සිදු කල යුතු බවට කල ඉල්ලීමත්ය.

නමුත් එම කිසිවෙකුත් රොහාන් පෙරේරා දන්නා හඳුනන හෝ පෙර කිසි දිනක අහම්බෙන් හෝ දැක ඇති අය නොවන බවට වාර්තා වේ

 

(එය පැහැදිලිව ලියා තිබූ ලිපියේ සබැඳිය:

https://slleader.lk/life-style/9676-shabeer-mohamed)