SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට විෂ සහිත කෘමියෙකු

දෂ්ඨ කිරීම හේතුවෙන් මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

 

පසුගිය 14 වනදා අදාල පුද්ගලයාට මෙම දෂ්ඨ කිරීම සිදුකොට ඇති අතර එම පුද්ගලයාගේ කණට යටින් වූ ස්ථානයකට මෙම ද්ෂ්ඨ කිරීම සිදුකොට ඇති අතර එහිදී පසු දින (15) අදාල කෘමියා දෂ්ඨ කරන ලද ස්ථානයේ අධික වේදනාවක් ඇතිවීම හේතුවෙන් එදිනම යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් වී ඇත.

 

කෙසේ වෙතත් දෂ්ඨ කරන ලද්දේ කෘමියෙකු බවට රෝගියා විසින් වෛද්‍යවරුන්ට පවසා ඇතත් කුමන වර්ගයේ කෘමියෙක්දැයි යන්න රෝගියාට හඳුනාගැනීමට නොහැකි වී ඇත.

 

මේ අතරවාරියේදී ඊයේ දින අදාල රෝගයාගේ වේදනාව බරපතල වී ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේදී මිය ගොස් ඇත.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය නගරයේ පදිංචි 52 හැවිරිදි ෂන්මුගවේල් අරුන්සෙල්වම් නැමති අයෙකු වන අතර මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කොට ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 

@වන්නි රොමේෂ් මධූෂංඛ