SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයෙන් වැඩ බලන සභාපතිවරයා ලෙස

අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය විජේදාස රාජපක්ෂව පත් කර ඇත.

 

ඒ  අද (21) පැවති මෛත්‍රී පාර්ශ්වයේ රැස්වීමකදීය.

 

පසුගියදා ශ්‍රිලනිප ජ්‍යෙෂ්ට උපදේශක හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී වැඩ බලන සභාපතිවරයා ලෙස වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කර තිබුණි.

 

පක්ෂයේ සභාපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගේ සභාපති තනතුරේ රාජකාරි අත්හිටුවා දී ඇති අධිකරණ නියෝගය මැයි මාසය දක්වා පසුගියදා දීර්ඝ කර තිබුණි.