SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ව්‍යවසාය දායකත්ව සංස්කෘතියක් මගින් රටේ ආදායම් වර්ධනය කළ හැකි බව

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

 

මෙතෙක් අවධානය යොමු කෙරී තිබුණේ ව්‍යවසායකත්වය කෙරෙහි පමණක් බවත් එහිදී රාජ්‍ය සහනාධාර, මග පෙන්වීම්, දායකත්ව අපේක්ෂා වූ බව ද ඔහු පෙන්වා දෙයි.

 

WhatsApp Image 2024 04 21 at 14.07.59

 

එහෙත් ව්‍යවසායක දායකත්ව ක්‍රමවේදය මගින් රාජ්‍ය මැදිහත්වීම අවම වූ සංස්කෘතියක් නිර්මාණය කළ හැකිය. ඒ වෙනුවෙන් නව ක්ෂුද්‍ර සුමක ව්‍යාපාර සංසදයට හැකියාව ලැබෙනු ඇතැයි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදී පාඨලී රණවක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

පවුලක ආදායම වැඩි කරමින් වියදම් සීමා කිරීම වර්තමානයේ අභියෝගයකි. රාජ්‍ය ආදායමට ද එය බලපායි. එහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය සංවර්ධන අත්දැකීම් ඉන්දියාවෙන් හඳුනාගත හැකි ය. 1991 සිට ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් ඉන්දියාවේ සැකසිණ. විවිධ දේශපාලන පක්ෂ ඉන්පසු බලයට පිවිසියේය. එහෙත් මූලික සැලැස්ම මත පදනම්ව ව්‍යවසාය දායකත්ව සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ක්‍රියාකෙරිණ.

 

එහෙත් ශ්‍රී ලංකාවේ බලවත් ව්‍යාපාරික පැලැන්තියක් බිහිවූයේ රාජ්‍ය සූරාකෑමෙන් බව ඔහු අවධාරණය කරයි.

 

මේ අතර කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි භාවිතය සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹිය යුතු බව ද ජනරජ පක්ෂයේ නායකයාගේ අදහස වේ.

 

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගත යුතුය. එහෙත් අධික විදුලි බිල ඊට බාධා මතු කරයි. ඉන්ධන මගින් රජය අධික ලාභ ලබයි. එහෙත් විශේෂයෙන්ම ඩීසල් මිල කර්මාන්ත කෙරෙහි අහිතකරව බලපායි. එය ආර්ථිකය බිඳ වැටීමට ද හේතුවකි. අවම වශයෙන් ඩීසල් මිල හෝ අඩු කළ යුතුය. විදුලිය හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර ලාභ ලබන නිසා එහි ප්‍රතිලාභ ව්‍යවසාය වෙත ලබාදිම සුදුසු වේ. ඉලෙක්ට්රොනික ගනුදෙනු පද්ධතියක් හඳුන්වා දීම ද වත්මන් ගැටලුවලට විසඳුමකි.

 

ආහාර ඇතුලු අර්බුද රැසකට ඒ යටතේ විසඳුම් ලබාදිය හැකි බව ද පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා එහිදී  පෙන්වා දුන්නේය.

 

@මාධ්‍ය ඒකකය