SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැන් දැන්  දේශපාලන පිටිය සියුම් ලෙස උණුසුම් වෙමින් පවතින බවත්, 

එම උණුසුම මධ්‍යයේ මෙවර මැයි දින සැමරුම ඉහලින්ම පැවැත්වීමට සූදානමින් පසුවන බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

"ගිය වසරේ කොළඹ නගර සභාව ඉදිරිපිට මැයි දින රැලිය පවත්වන්න ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව ලබා දුන්නා. මෙවර අපි 2024.02.26 වෙනිදා මම ලිඛිත ඉල්ලීමක් කළා කොළඹ මහ නගර සභාවෙන්,  F R. සේනානායක පරිශ්‍රය අපට ලබා දෙන්න කියලා සමගි ජන බලවේගයේ ප්‍රධාන මැයි රැළිය පවත්වන්න.

 

ඒ අනුව ඔවුන් පොලිසියෙන් නිර්දේශ ඉල්ලලා තිබුණා.  ඒ අනුව පොලිසිය මාර්තු මාසයේ 27 වැනිදා නිර්දේශ කර ලබාදීලා තියෙනවා.

 

ඊට පස්සේ මේ අවුරුදු සතියේදී කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය කියනවා නගර සභා අවට  පරිශ්‍රය කාටවත් දෙන්නේ නැහැ, ඒ නිසා ඔබතුමන්ලාට දෙන්න බැහැ කියලා.

 

ගිය අවුරුද්දෙ ජනතා විමුක්ති පෙරමුණට දීලා, මේ අවුරුද්දේ අපි ලිඛිතව ඉල්ලලා ,පොලිසිය රෙකමන්ඩ් කරලා තියෙද්දි අපිට දෙන්නෙ නැහැ. හැබැයි ඊට එහා පැත්තේ ලිප්ටන් එක  හරිය නගර සභාවේ පිටිපස්ස  ජනතා විමුක්ති පෙරමුණට දෙනවා.

 

ජනතා විමුක්ති පෙරමුණයි ආණ්ඩුවයි අතර තියෙන ඩීල් එකකින්ද මෙහෙම වෙන්නේ?

 

සමගි ජන බලවේගයට බයවෙලා ඉන්නේ ඇයි?  ඒ ඒ දේශපාලන පක්ෂවලට මහ පොළොවේ තියෙන ශක්තිය අනුව තමයි ඒක කරන්න පුළුවන් වෙන්නෙ. එතකොට මේ විදිහට කෘතිමව බාධා කරන්නේ සමගි ජන බලවේගයේ ශක්තිය , ග්‍රාමීය ජනතාව සමගි ජන බලවේගය කෙරෙහි තියෙන උනන්දුව, මැයි දිනයේදී වැඩිම ජනතාවක් සමග ජන බලවේගය ගෙනාවහම ඒක ජනතාව දකියි කියන බය...  ඒ හින්දා තමයි මේක කඩාකප්පල් කරන්න හදන්නේ.

 

ඒගොල්ලෝ දැන් මෙහෙම කඩාකප්පල් කරාට මැතිවරණය කැඳවන්න තව සුමාන දහයක් විතර තමයි තියෙන්නෙ, එදාට මැතිවරණයේදී ජනතාව ඡන්ද පොළට යන එක නවත්තන්න කාටවත් බැහැ. ජනතාව කතිරය ගහන එක නවත්තන්න කාටවත් බැහැ. ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදය ලබාගන්නා ජයග්‍රහණය නවත්වන්න කාටවත් බැහැ.

 

කොළඹ මහනගර සභාව process  එකක් කරලා තියෙද්දි, අන්තනෝමතිකව මෙය අපට ලබා නොදීම සහ ජනතා විමුක්ති පෙරමුණට ලබාදීම පිළිබඳව අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුව අපි කරන ගොඩක් දේවල් දැන් කොපි කරනවා.කොපි කලාට සම කරන්න බැහැ කියන එකත් අපි පැහැදිලිව කියනවා.

  

 

අරුණ  පත්තරේ තියෙනවා "ලෝක ආහාර වැඩසටහනට අනුව සිසුන්ට බෙදන්නේ කන්න බැරි හාල්, රස පරීක්ෂක වාර්තාවලින් තහවුරු වූ බව phi සංගමය කියයි" කියලා. 

ආණ්ඩුවෙන් අනික්  පැත්තෙන් කියනවා මේ මාසෙයි ලබන මාසයේ යි, දුප්පත් මිනිස්සුන්ට හාල් කිලෝ විස්ස ගානේ දෙනවලු ජීවත් වෙන්න.

එතකොට ඒ මාස වලින් පස්සේ මොකද කරන්නේ?

ඔන්න ජනාධිපතිතුමා දරිද්‍රතාවය පිටු දකින විදිහ. ඒ හාලුත් මේ වගේ කන්න බැරි හාල්ද දන්නේ නෑ. ඔන්න දරිද්‍රතාවය පිටු දකින වැඩපිළිවෙළ .

මේවා ඡන්දය ඉලක්ක කර ගනිමින් ජනාධිපතිතුමාට පොහොට්ටුවේ අයගේ ඡන්ද ගන්න පුලුවන්ද කියලා බලන්න කරන වැඩ.

මහින්ද රාජපක්ෂ 2015 දී සීගිරි පර්වතයට වැඩිය උස කටවුට් ගහලා සිල් රෙදි බෙදලා  ගෑස් ලිප් බෙදලා ඔක්කොම බෙදලා මිනිස්සු අනිත් පැත්තට ඡන්දය දුන්නා. ඒක දන්නැතුව වගේද මෙහෙම වැඩ කරන්නේ .

 

හාල් කිලෝ විස්සකට අපේ රටේ ජනතාව ඡන්දය දෙන්න රැවටෙයිද?

 

මොකද මිනිස්සුන්ගේ ප්‍රශ්න මීට වඩා අසීමාන්තිකයි. වතුර බිල් ගෙවන්න බැහැ කරන්ට් බිල් ගෙවන්න බැහැ. ඉස්කෝලේ ළමයින්ට පොත්පත් ටික ගන්න විදියක් නැහැ. ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ. ගන්න පඩිය බඩු ටිකක් ගන්න  මදි. බඩු මිල අහස උසට ගිහිල්ලා. තුන්වේල කාපු කට්ටිය දෙවේල කන තත්ත්වයට පත්කරල. ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරන්න නම් රටේ ආදායම් මාර්ග වැඩි කරන්න ඕන. රටේ ආදායම වැඩි කරලා අපනයන ආදායම වැඩි කරලා, සෘජු විදේශ ආයෝජන වැඩි කරලා මේ තියෙන බඩු මිලත් එක්ක සරිලන විදිහේ ජීවන මට්ටමක් හදනවා විනා හාල් කිලෝ විස්සක් බෙදලා කරන්න පුළුවන්ද? අපි හිඟන රාජ්‍යයක් කියලා ඔප්පු කරන්න හිතා මතා කරන වැඩක්ද කියලත් හිතෙනවා.

 

අනිත් පැත්තෙන් ජනාධිපතිතුමාට බය ඇති. එතුමට ඉල්ලන්න හම්බවෙන්නෙත් නැහැ දිනන්න හම්බවෙන්නෙත් නැහැ.ඒ නිසා මහා භාණ්ඩාගාරය ඊගාවට එන කෙනාට කරන්න බැරි තත්ත්වයට හිස් කරන්න ඕනේ කියලා. මොකද ජනාධිපතිතුමා සමගි ජන බලවේගය දිනනවාට බයයි. සමගි ජන බලවේගයට වඩා එතුමා කැමති ජනතා විමුක්ති පෙරමුණ දිනනවා නම්. මොකද ජනතා විමුක්ති පෙරමුණ දිනුවොත් ආයෙමත් ගෝඨාභය නම්බර් 2 වගේ ආණ්ඩුවක් තමයි හැදෙන්නේ. එතකොට ආයෙමත් මේ රටේ ආර්ථිකය සිස්ටම් එක සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනවා. එතකොට ආයෙ පාරක් චාන්ස් එකක් තියෙනවා කියලා හිතනවද දන්නෑ.

 

සමගි ජන බලවේගය ජයග්‍රහණය කෙරුවොත්, සමගි ජන බලවේගය සතුව දක්ෂතම කණ්ඩායම ඉන්නවා, ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නවා, target එකක් අනුව results Deliver කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නවා.  මේ කණ්ඩායම රටේ ආර්ථිකයයි සමාජ වටාපිටාවයි යථා තත්ත්වයට පත් කළහම එතුමාට දේශපාලන අනාගතයක් නැහැ කියන බයට සමගි ජන බලවේගය වෙනුවට ජේවීපී එකට එන්න පාර කපනවද දන්නේ නැහැ. මැයි දිනයට නගර සභාව ළඟ අපිට දෙන්නෙ නැතුව jvp එකට දීලා තියෙන්නේ ඒකද දන්නෙ නැහැ.  ඔය කොයි ඩීල් එක දැම්මත් මැතිවරණයකදී මේ රටේ ජනතාව හරි තීන්දුව ගන්නවා කියන එක අපි දන්නවා."