SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර

පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාසයේ  07, 09, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගය විසින් දැනුම් දී ඇත.

 

ඒ ජාතික ජන බලවේගයේ  ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර  ලිඛිත ලිපියක් අද (22) යොමු කරමිනි.  

 

එම විවාදයට නිශ්චිත දින නියම වීමක් මෙතෙක් නොවීම හේතුවෙන් ජනතාව අතර විවාදය සම්බන්ධව වැරදි අදහස් මතු වීමේ ඉඩක් ඇති බවත් යම් හෙයකින් සමගි ජන බලවේගය මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙස ත් එම ලිපියෙන් ඉල්ලා ඇත.

 

එසේම විවාදය පැවැත්වෙන නාලිකාව කුමක්ද යන්නත්, වේලාව කුමක්ද යන්නත්, විවාදයේ ස්වරූපය තීරණය කිරීමත් ඒ අනුව සිදුකළ හැකි බව ඔහු විසින් දන්වා ඇත.