SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට

සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර පවසා ඇත.

 

ඊට අවශ්‍ය   සියලුම පහසුකම් සැපයීමට තම සංගමය සුදානම් බවත් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා කියයි.

 

ඒ බව දන්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියවා ඇති බවද ඔහු පවසයි.

 

විවාදය මගින් ශ්‍රී ලංකාව මුහුණදී ඇති අභියෝග ජය ගැනීමට තමන් ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයන්ට මහජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ලැබෙන බව නීති ශිෂ්‍ය සංගමයේ  සභාපතිවරයා පවසයි.

නවතම ලිපි