SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය 21 වෙනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන  සභාපති , වැඩ බලන ප්‍රධාන  ලේකම් ලෙස තේරී පත් වූ 

අමාත්‍ය විජයදාස රාජපක්ෂ ට  හා සාරථි දුෂ්මන්ත ට  එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින්  වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන විසින්  අද(24) නිකුත් කර ඇත.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික හා අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර විසින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම වාරණ නියෝග ලබන මස අටවෙනි දින දක්වා ක්‍රියාත්මක වේ.

 

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන් එම ධූරයන්වලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවය.

එහිදී ඔහු කියා සිටියේ විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවත් සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවයි.

 

එසේම පසුගිය 21 වැනි දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මෙම ධූරයන් තෝරාපත් කරගෙන ඇති බවත් ,එසේ එම ධුරයන් තෝරා පත් කර ගැනීමට රැස්කළ විධායක සභාවද නීති විරෝධීව පවත්වා ඇති බවත් පැමිණිලි පාර්ශ්වයේ නීතීඥවරයා විසින් පැවසීය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ශාරති දුෂ්මන්ත මිත්‍රපාල, සභාපති නිමල් සිරිපාල ද සිල්වා,වැඩ බලන සභාපති ජනාධිපති නිතීඥ විජයදාස රාජපක්ෂ මහතා, තිලංග සුමතිපාල මහතා විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝග නිකුත් කෙරිණි. විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කළ ප්‍රධාන දිසා විනිසුරුවරයා ලබන අටවැනි දින අධිකරණයේ කරුණු දක්වන ලෙසටද නියෝග කර ඇත.

නවතම ලිපි